අපවත් වූ සෝභිත හිමියන්ට
‘‘මැතිඳුන්‘‘ කියූ යසනාත්
තමන් නොදැනීම නිරුවත් වූ බවට පිළිගනී
මාදුළුවාවේ සෝභිත හිමියන්ට නිගරුවන වන අයුරින් ෆේස්බුක් ගිණුමෙහි ස්ටේටස් එකක් දමා තිබූ වෛද්‍යවරයෙකු වූ යසනාත් ධම්මික බණ්ඩාර “සමා අවසර හිමියනි“ කියමින් මේ වන විට ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. මීට පෙර ඔහු ෆේස්බුක් ඔස්සේ සෝභිත හිමියන් අපවත් වූ දින ‘‘මැතිඳුන්‘‘ යනුවෙන් සටහන් කර ෆේස්බුක් ඔස්සේ ප්‍රකාශයක් පළකර තිබුණා. එයට ෆේස්බුක් ඔස්සේ දැඩි විරෝධයක් එල්ලවූ අතර ඔහු පසුව එය තමන්ගේ ගිණුමෙන් ඉවත්කරගැනීමටද කටයුතු කර තිබුණා.
එමෙන්ම ඔහු විසින් මේ සම්බන්ධයෙන් කණගාටුවද ප්‍රකාශ කොට ඇති අතර ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෝභිත හිමියන්ට නිගරුවන අයුරුන් දමා තිබූ පෝස්ට් එක නිසා තමන් නොදැනීම නිරුවත් වූ බවයි.
උපුටාගැනීම
Post a Comment