සේයා ඝාතනයට සම්බන්ධ සමන්
මහාධිකරණයදී දැරිය මැරූ බවට වරද පිළිගනී
පැවරුණු අධිචෝදනා ලැයිස්තුව
සේයා සදෙව්මි ඝාතන සිද්ධියේ සැකකාර සමන් ජයලත්ට මීගමුව මහාධිකරණයේදී ඊයේ (23) අධිචෝදනා භාරදුන්නා. මහාධිකරණ විනිසුරු එම්.වී. කරුණාතිලක හමුවේ සැකකරුට නීතිපතිවරයා විසින් චෝදනා හතරක් යටතේ ගොනු කරන ලද අධිචෝදනා පත්රය භාරදුන් බවයි වාර්තා වන්නේ.

මිනීමැරීම, පැහැරගෙනයෑම, ලිංගික අපයෝජනයක් සිදුකිරීම සහ දූෂණය කිරීම මොහුට විරුද්ධව ඇති චෝදනායි. මෙම නඩුව ජනවාරි 25 වනදා මීගමුව මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.
කොටදෙණියාවේ අවුරුදු 5 ක් වයසැති සේයා සදෙව්මි දැරියගේ අතුරුදන්වීම පසුගිය සැප්තැම්බර් මස 11 වනදා වාර්තාවූ අතර ඉන් දින දෙකකට පසු අපයෝජනයට ලක් කර ඝාතනය කර තිබූ ඇගේ මළ සිරුර නිවස ආසන්නයේ වෙල් යායක තිබී හමුවුණා.
සමන් ජයලත් නැමැත්තා සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය ඔක්තෝම්බර් මස 3 වනදායි. පසුව සිදුකළ DNA පරීක්ෂණයකින් සනාථ වූයේ ඝාතනයට ලක්වූ සේයා සදෙව්මි දැරියගේ ශරීරයේ තිබී සොයාගන්නා ලද ආගන්තුක ජෛව සාම්පල රක්ෂිත බන්ධනාගාරයේ පසුවන සමන් ජයලත්ගේ ජෛව සාම්පල සමඟ ගැළපෙන බවයි.
Post a Comment