Nov
23
හඳ වටේ තිබූ රැස් වළල්ල කියූ
භයංකාර පෙර නිමිත්ත
වර්ණවත් ආලෝක වළල්ලක් චන්ද්‍රයා වටා පිහිටීම තුළින් පෙන්නුම් කරන්නේ ඉදිරියේදී කුණාටු සහිත වැසි ඇතිවීම බව තාරකා ජීව විද්‍යා ගවේෂක, විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න පවසනවා.
දේදුන්නක් ආකාරයෙන් චන්ද්‍රයා වටා පිහිටා තිබූ රැස් වළල්ලක් පසුගිය දින කිහිපය තුළ රාත්‍රී අහසේ දක්නට ලැබුණා.
බොහෝ ප්‍රදේශවලට මෙය රාත්‍රී 7ත් 10ත් අතර කාලය තුළ පැහැදිලිව දකින්නට ලැබුණු බවයි වාර්තා වන්නේ. ඒ සම්බන්ධයෙන් අප තාරකා විද්‍යා ගවේෂක, විද්‍යාඥ කීර්ති වික්‍රමරත්නගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ වායුගෝලයේ ඇති ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වූ අවස්ථාවන්වලදී මෙය දක්නට ලැබුණු බවයි.
Post a Comment