මඟීන් පිරුණු දුම්රියක් රියදුරු නැතිව
රාගමට යයි - මහා විනාශයක් 99න් බේරෙයි - Photos
ස්ටේෂන් 2ක නතර කර නෑලු
රාගමටත් ඇවිත් වැරදි තැනක නතර කරලා
බීමත් රියදුරු එන්ජින් එකේ ඇදවැටිලා
පස්වරු 6.35 ට කොළඹ කොටුවෙන් පිටත්ව ප්රධාන මාර්ගයේ ධාවනය වූ දුම්රියක රියදුරු ප්රකෘර්ති තත්වයෙන් නොසිටීම හේතුවෙන් මහා විනාශයක් සිදුවන්නට ගොස් තිබෙනවා. බීමත් රියදුරු එන්ජිම තුළ ඇදවැටී සිටි බව මගීන් පවසනවා. මන්දගාමී දුම්රිය- එඬේරමුල්ල සහ හොරපේ දුම්රිය ස්ථානවල නොනවත්වා ධාවනය කර ඇති අතර රාගම දුම්රිය ස්ථානයේ දී දුම්රිය නවතාගෙන ඇත්තේ ගාඩ්වරුන් විසිනි.
දුම්රිය රාගම දී නැවතී ඇත්තේ ද සීමාවේ නොවේ. පසුව මගීන් කළ සොයා බැලීමේ දී දක්නට ලැබුණේ රියදුරුට නින්ද ගොස් ඇති බවකි. ඔහු අධික ලෙස මත්පැන් පානය කර ඇති බවද අනාවරණ වී තිබෙනවා.
මගීන් පිරිසක් දුම්රිය රියදුරුට පහර දී ඇතැයි පොලිසිය පවසන අතර කෙසේ වෙතත් උප රියදුරුට දුම්රිය ධාවන කළ නොහැකි බවට ප්රකාශ කරන බව මගීන් පවසා තිබෙනවා.
ප්රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය රාගමට සීමා වී ඇති බව පාලක මැදිරිය සඳහන් කරනවා.
නොසන්සුන්තාවට පත් එහි සිටින මගීන් චෝදනා කරනුයේ, මෙම සිද්ධිය වෙනතකට හැරවීමට දුම්රිය දෙපාර්තමේන්තු ඇතැම් ඉහල නිලධාරීන් කටයුතු කරන බවටයි. රියදුරෙකුට අසනීප තත්ත්වයක් හටගෙන ඇති බවට දුම්රිය නිලධාරියෙකු පවසා තිබෙනවා.
එහිදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් මේ වන විට ප්රධාන මාර්ගයේ දුම්රියන් රාගම දුම්රිය ස්ථානය දක්වා පමණක් ගමන් ගන්නා බව සඳහන්ය.
රාගම දුම්රිය ස්ථානයේ රැඳී සිටින දහස් ගණනක මගීන් අපහසුතාවට පත්ව තිබේ. එහි දැඩි නොසන්සුන්තාවක් පවති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ...
Post a Comment