පාරට බහින්න කළින් Traffic තියෙනවද කියලා
බලාගන්න අලුත් සිස්ටම් එකක්
ලංකාවට
වෙනදට පාරේ Traffic තියෙනවද කියලා බලන්න පාරට බහින්නම වෙනවා. ටික දුරක් එනකොට තමයි තේරෙන්නේ අද කරන්න යන වැඩ ටික වෙලාවට වෙන්නේ නෑ මොකද ඒ තරමට Traffic එක කියලා. ස්මාර්ට් ෆෝන් ගොඩදෙනෙකුගේ අතට ඇවිල්ලා තියෙන මේ කාලේ Google සමාගම ලංකාවටත් දැන් අලුත් වැඩක් ගෙනැල්ලා තියෙනවා.
ඒ වාහන තදබදය සජීවීව බලාගන්න පුලුවන් Google Map එකක්. මේ වෙනකොට වෙනත් රටවල්වල මේක ක්රියාත්මක වුනත් ලංකාවට හඳුන්වාදීලා තියෙන්නේ මේ ළඟදි දවසක.
වාහන තදබදය අඩු නම් පාරවල් කොළ වර්ණයෙන්ද තදබදය වැඩි නම් එය රතු පැහැයෙන්ද මේ මැප් එකෙන් අපිට බලාගන්න පුලුවන්.
ඒ විතරක් නොවෙයි මාර්ගවල යම් කිසි ඉදිකිරීම් කටයුක්තක් සිදු වෙනවා නම් ඒකත් මැප් එකේ පෙන්නනවා. මෙම අංගය භාවිතා කරන්න Google Maps එකට ගිහින් Traffic කියන layer එක ක්රියාත්මක කරන්න. එහෙමත් නැත්නම් Google ගිහින් Traffic කියලා සර්ච් කලාමත් මැප් එකෙන් Traffic එක බලාගන්න ඕනි කෙනෙකුට පුලුවන්...
Post a Comment