Nov
20
විභාගයට ගිහින් ගෙදර එද්දී
සාහසිකයෙකුගේ ගොදුරක් වූ පුංචි චතුරගේ සිරුර
පාළු ළිඳකින් සොයාගැනේ - වීඩියෝ
ගෙල මිරිකා ඝාතනය කරබෑග් එකයි පොත් ටිකයි එක්කම ළිඳට දාලා
කුඩාදරුවන් අමානුෂික ලෙස ඝාතනය කිරීම් සම්බන්ධයෙන් පසුගියදා සමාජයේ වැඩි කතබහකට ලක්වුණේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනයත් සමඟයි. ඒ අයුරින් අමානුෂික ලෙස ගෙල මිරිකා ඝාතනය කොට අත්හැර දැමූ ළිඳක දමා තිබියදී 13 හැවිරිදි පාසැල් සිසුවෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඒ ඇඹිලිපිටිය - පනාමුර ප්‍රදේශයේදීයි.
පනාමුර - ගොඩවෙල මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ චතුර මධුවන්ත පාසල් වාර විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව යළි නිවසට පැමිණ තිබුණේ නැහැ. චතුර සොයා පවුලේ සාමාජිකයින්, ඥාතීන් සහ අසල්වාසින් රාත්‍රී වන තුරුම දැඩි පරිශ්‍රමයක නිරත වුණා.
සිසුවාගේ පාසල පිහිටි ගොඩවෙල - කලුගොඩ ප්‍රදේශයේ අත්හැර දැමූ ළිඳක තිබුණු චතුරගේ සිරුර අසල්වාසියෙකු දැක තිබුණේ ඒ අතරතුරයි.
පසුදා පෙරවරුවේ සිසුවාගේ සිරුර ගොඩගනු ලැබුවේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරිය සහ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ඉදිරියේයි.ඔහුගේ පොත් බෑගය ද ළිඳ තුළ තිබියදී සොයාගත්තා.
ඇඹිලිපිටිය මූලික රෝහලේ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වුණේ ගෙළ සිර කිරීමෙන් සිසුවා ඝාතනය කර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පනාමුර පොලිසිය වැඩිදුර විමර්ෂණ ආරම්භ කර තිබෙනවා.
Post a Comment