අධිබලැති රැහැන් උණු කරගෙන
මීතොටමුල්ලේ ගෙවල් 3ක් සම්පූර්ණයෙන්
ගිනිගත් හැටි - වීඩියෝ
වැල්ලම්පිටිය - ඔරුගොඩවත්ත - මීතොටමුල්ල - 55 වත්ත ප්රදේශයේ ඊයේ (19) උදෑසන හටගත් ගින්නෙන් නිවාස 3ක් සම්පූර්ණයෙන් විනාශ වුණා. පොලීසිය සඳහන් කළේ තවත් නිවාස 4 කට පමණ අර්ධ වශයෙන් හානි සිදුව ඇති බවයි. කෙසේ වෙතත් ගින්නෙන් එම නිවාසවල සිටි කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.
වැල්ලම්පිටිය පොලීසිය සඳහන් කළේ ගින්නට හේතුව කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා තෙල් ප්රවාහනය කරන නළයක ඇතිවූ කාන්දුවක් බවට හෙළිව ඇති බවයි. මෙම නළයෙන් කාන්දුවන තෙල් 55 වත්ත ප්රදේශයෙන් ගමන් ගන්නා කුඩා ඇළකට මුසුවීම නිසා ගින්න හටගෙන ඇති බවද දැනට සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
මේ අතර ගින්න හේතුවෙන් ප්රදේශය හරහා ඇද ඇති අධි බලැති විදුලි රැහැන් පද්ධතිය ද උණුවී ඇති බවයි ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ. ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 10 ක් පමණ එම ස්ථානයට ගොස් තිබුණා.
උපුටාගැනීම
Post a Comment