කරන්ට් වදින අමුතුම ජාතියේ
චුයින්ගම් එකක් පොලොන්නරුවෙන්
මතුවෙයි
පොලොන්නරුව, ලංකාපුර ප්‍රදේශයේ විද්‍යාලයක සිසුන් දෙදෙනෙකු ළඟ තිබී විදුහල්පති භාරයට ගත් විද්‍යුත් කම්පන සහිත චුයින්ගම් පැකට් දෙකක් සහ විද්‍යුත් කම්පන සහිත පෑනක් ඊයේ (19 ) දහවල් අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පාරිභෝගික අධිකාරිය පවසනවා.
විද්‍යාලයේ විදුහල්පතිවරයාට ලැබුණු තොරතුරකට අනුව මෙම චුයින්ගම් දෙක සහ පෑන තම බාරයට ගෙන පරීක්ෂා කිරීමෙන් පසුව ඒවා විද්‍යුත් කම්පනයකින් යුක්ත ඒවා බවට තහවුරු වීමෙන් පසුව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් එස්. සේනානායක මහතා වෙත දැනුම් දීමෙන් අනතුරුව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු කණ්ඩායමක් විසින් එම භාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලොන්නරුව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සඳහන් කළේ තමන් විසින් එවැනි විද්‍යුත් කම්පන සහිත චුයින්ගම් හෝ පෑන් වර්ග මෙතෙක් කිසිම දවසක දැක හෝ අත්අඩංගුවට ගෙන නොමැති බවයි.
Post a Comment