‘‘ඔය Digital ඇමතිකම ළමයෙකු දෙන්න -
හරි මම දෙන්නම්, ඔයා ගහන් ඉන්න කොට කලිසම
දෙන්න ළමයෙකුට‘‘ - වීඩියෝ
හරීන් එක්ක ගම්මන්පිල බලයේදී ගැටෙයි
වත්මන් රජයේ ගමන් මග සම්බන්ධයෙන් ඊයේ (19) රාත්‍රියේ Hiru TV බලය දේශපාලන වැඩසටහනෙන් සංවාදයට ලක්වුණා. රජය නියෝජනය කරමින් අමාත්‍යවරුන් වන කබීර් හෂීම් සහ හරීන් ප්‍රනාන්දු වැඩසටහනට එක්වූ අතර, විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලූත්ගමගේ සහ උදය ගම්මන්පිල ඊට එක්වුණා.
වැඩසටහනේ එක් අවස්ථාවක ටෙන්ඩර් ලබාදීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ උදය ගම්මන්පිල අතර ඇතිවූයේ උණුසුම් සංවාදයක්. එම අවස්ථාවේ හරීන් ප්‍රනාන්දු මහතාගේ Digital ඇමතිකම ළමයෙකුට දී Analog ඇමතිකමක් ගන්නැයි උදය ගම්මන්පිල මහතා පවසා සිටියා.
මෙම සංවාදය ඇතිවුණේ හරීන් ප්‍රනාන්දු මහතා ගල් අඟුරු සම්බන්ධයෙන් වන නඩුවක විත්තිකාරයෙක් බවට ගම්මන්පිල මහතා පැවසූ අවස්ථාවකයි.
එහි වීඩියෝව පහතින්.....
එහි වීඩියෝව පහතින්.....
Post a Comment