Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Two youth try to suicide in anuradapura room  

අනුරාධපුර රූම් එකක් ඇතුලේ 
කොල්ලෝ දෙන්නෙක් වස බොයි


අනුරාධපුර දුම්රිය ස්ථානයේ නිවාඩු නිකේතනයේ කාමරයකින් ඊයේ (25) පෙරවරුවේ වස පානය කර සිටියදී තරුණයින් දෙදෙනෙකු හමුවී තිබෙනවා. 
ඔවුන්ගේ තත්ත්වය බරපතල බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළ අතර මොවුන් සොයා ගැනුණේ අදාළ නිවාඩු නිකේතනයේ භාරකරු ඒ බව දුම්රිය ආරක්ෂක නිලධාරීන්ට දැනුම්දීමෙන් අනතුරුවයි.

පසුව එම කාමරයේ තිබී මෙම තරුණයින්ගේ බවට විශ්වාස කෙරෙන මුදල් පසුම්බි දෙකක්, වාහනයක යතුරු කැරැල්ලක්, උපැස් යුවලක් සහ වස බෝතල් දෙකක්ද පොලීසිය සොයාගත්තා. ඔවුන්ගේ හැඳුනුම්පත්වලට අනුව මොවුන් කිඹුලාපිටිය - ලැම්බ්රොක් වත්ත ප්‍රදේශයේ සහ බුලත්සිංහල - ජනහිත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණ වී තිබෙනවා. 
නිවාඩු නිකේතනයේ භාරකරු පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි තරුණයා පසුගිය 22 වනදා මුදල් ගෙවා වෙන් කරගත් ඔවුන් රැදී සිටි කාමරය පෙරේදා දිනයේදී නැවත දීර්ඝ කරගත් බවයි.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels