අනියම් පෙමට හොරෙන් තවත් පෙමක්
පැතූ කත නිසා මාදම්පේ රෝස්
ජීවිතයෙන් වන්දිගෙවූ හැටි
ඝාතනය කර පුළුස්සලා
පන්සලක හැංගිලා
මාස 11කට පස්සේ මාට්ටු
පුද්ගලයෙකුට පහර දී ඝාතනය කර පුළුස්සා දමා පලා ගොස් සිටි අයෙකුව මාස 11 කට පසුව කොස්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මාදම්පේ පොලීසියට බාරදී ඇති පුවතක් සම්බන්ධයෙන් වාර්තා වෙනවා. මෙම පුද්ගලයා විසින් ඝාතනය කර ඇත්තේ තමන්ගේ අනියම් බිරිඳ සමඟ තවත් අනියම් සම්බන්ධතාවයක් පැවැත්වූ පුද්ගලයෙකුයි.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ වතු කම්කරුවෙකු ලෙස සේවය කරමින් සිට වයස අවුරුදු 79 ක අයෙකි.
ඝාතනයට ලක්වී තිබුණේ මාදම්පේ - ගල්මුරුව,කච්චකඩුව ප්රදේශයේ වත්තක කම්කරුවෙකු ලෙස සේවය කරමින් සිටි රෝස් ජෙබමාලෛයි (අවු:50) නම් අයෙක් වන අතර ඔහු නුවරඑළිය ප්රදේශයේ වතු කම්කරුවෙකු බවත්,කුලී රැකියව සදහා මාදම්පේ ප්රදේශයට පැමිණ ඇති බවට මාදම්පේ පොලීසිය විසින් කරන ලද විමර්ශණ වලින් අනාවරණය වී ඇත.
මෙම ඝාතනයෙන් අනතුරුව සැකකරු සහ ඔහුගේ අනියම් බිරිද පලා ගොස් තිබුණි. කෙසේ නමුත් පසුගිය 20 වැනිදා සවස සැකකරු කොස්වත්ත ප්රදේශයේ සිටින බවට ලද තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
තමා අනියම් බිරිද සමඟ කච්චකඩුව ප්රදේශයේ පොල් වත්තක සේවය කරමින් සිටි බවත්, මිය ගොස් ඇති පුද්ගලයා තම අනියම් බිරිඳ සමඟ සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන බවට ඇතිවූ සැකය මත තමන් විසින් ඝාතනය සිදු කළ බව සැකකරු පොලීසිය හමුවේ පවසා තිබේ. ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව හලාවත - බංගදෙණිය ප්රදේශයේ විහාරස්ථානයකට ගොස් සැගවී සිටි බවත්, පසුගිය දින කීපය තුළ ඇතිවූ රෝගී තත්ත්වයකට ප්රතිකාර ලබා ගැනීම සදහා කොස්වත්ත පදිංචි තම සහෝදරයෙකුගේ නිවසට ගොස් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවත් සැකකරු පවසා ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
Post a Comment