අනියම් ඇසුරක් හසුවූ නිසා මරදානේ කතක්
ගල්ගසා මරාදැමීමට නියම කරයි
විවාහක කාන්තාව තරුණයෙක් එක්ක හාදවෙලාලු
තරුණයාට කසපහර
විදෙස් රටවලට ගොස් තමන්‍ගේ ජීවිතයෙන් වන්දිගෙවූ ලාංකික කාන්තාවන් පිළිබඳව පසුගිය කාලය පුරාම අපට වාර්තා වුණා. ඇතැම් කාන්තාවන් මෙලෙස මියගොස් තිබුණේ තමන් සේවය කරන ස්ථානවල සිදුවූ දරාගත නොහැකි වදහිංසා නිසාවෙනුයි. ඒ අයුරින් තවත් ලාංකික කාන්තාවක් ගල්ගසා මැරීමට සෞදි අධිකරණය විසින් නියෝග කර ඇති බවට වාර්තා වෙනවා.
ඇය මෙලෙස ගල්ගසා මැරීමට තීන්දු කර ඇත්තේ තවත් ලාංකික තරුණයෙකු සමඟ පැවැත්වූ අනියම් සම්බන්ධතාවක් හසුවීම නිසාවෙනුයි.
දඬුවම් නියම වූ කාන්තාව මරදාන ප්‍රදේශයේ ජීවත්වී ඇති අතර සෞදියේ සේවය ගොස් ඇය ලාංකික තරුණයෙකු සමඟ සම්බන්ධයක් පවත්වා තිබෙනවා. ඇය විවාහක කාන්තාවක් බවට තොරතුරු වාර්තා වන අතර සිද්ධිය සම්බන්ධ තරුණයා අවිවාහක අයෙක් බවටයි පැවසෙන්නේ.
ඔවුන් දෙදෙනා නිතර මුණගැසෙන නිසාවෙන් සම්බන්ධය දුරදිගගොස් පසුව මේ පිළිබඳව එරට අධිකරණයේ නඩුවක්ද විභාග වී තිබෙනවා. එයින් පසුවයි කාන්තාවට ගල්ගසා මරණලෙස නියෝග කර ඇත්තේ. සිද්ධියට සම්බන්ධ වූ තරුණයාට කසපහර ලබාදෙන්නට ඒ අනුව නියම වී තිබෙනවා.
කෙසේ නමුත් මොවුන්ගේ දඬුවම් ලිහිල් කරගැනීමට ලාංකික රජය විසින් ඉල්ලීමක් කරඇති බවටද තොරතුරු වාර්තා වෙනවා. මීට පෙරද රිසානා නම් ලාංකික තරුණියකගේ ගෙළ සිඳදැමුවේ කුඩා දරුවෙකුට කිරි පෙවීමට ගොස් ඒවා සිරවී දරුවා මියයෑම හේතුකරගෙනයි.
Post a Comment