වසර 24ක කසාදේ අතෑරලා
වයස 32 කතක් සෙට් කරගත්ත
60 පැන්න මිස්ටර් බීන්ගේ අලුත් සෙල්ලම
මිස්ටර් බීන් - ලෝකෙම ප්‍රසිද්ධ චරිතයක්. මේ රංගන ශිල්පියා Rowan Sebastian Atkinson. ඔහුගේ බිරිඳ ඉන්දියානු ජාතික Sunetra Sastry. මිස්ටර් බීන්ට ලොවම ආදරය කළත් මිස්ටර් බීන් ආදරය කළේ සුනේත්‍රා ශාස්ත්‍රීට.
ඔවුන් මුලින්ම මුණ ගැහුනේ 1980 දී. ලෝකෙම ආදරය ලබන Rowan ට සුනේත්‍රා ශාස්ත්‍රීගේ ආදරය විශේෂ වූවා. එහි ප්‍රතිඵලය 1990 පෙබරවාරියේ දී ඔවුන් විවාහ වීමයි. ආදරය තවත් වැඩි කළේ Lily දියණිය සහ Benjamin පුතු නිසා.
පසුගිය වසරේ පෙබරවාරියේ - ඒ කිව්වේ, විවාහ වී වසර 24 කට පසු, මිස්ටර් බීන් ලෝකයාට අමුතු විහිළුවක් කළා. ඒ බිරිඳගෙන් වෙන්වන බව පවසමින්. Rowanගේ ප්‍රකාශය බොහෝ පිරිසක් විශ්වාස නොකළේ ඔහු 'මිස්ටර් බීන්' වන නිසා.
කෙසේ වෙතත් මේ වන විට ඒ ප්‍රකාශය තහවුරු වී හමාරයි. පසුගිය 10 වෙනිදා ඔවුන් වෙන්වුණා.
මිස්ටර් බීන්ට දැන් වයස 60යි. ඔහුගේ හිටපු බිරිඳ Sunetra Sastry බී.බී.සී යේ වේෂ නිරූපණ ශිල්පිනියක්.
මිස්ටර් බීන්ගේ 'විහිලුවට' වශී වූ තුන්වෙනි පාර්ශවයේ ඇය 32 හැවිරිදි සිනමා සහ රූපවාහිනී නිළි - ලුයිස් ෆෝඩ් (Louise Ford).
උපුටාගැනීම
Post a Comment