ත්‍රස්ත ප්‍රහාරයකින් ගුවන් යානය විනාශ වූ බව
රුසියාව අන්තිමේදී පිළිගනී - වීඩියෝ
224 දෙනෙකුට මරු කැඳවමින් පසුගියදා රුසියානු ගුවන් යානයක් ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයට කඩාවැටීමට හේතුව ත්‍රස්ත ක්‍රියාවක් බව, රුසියාව ඊයේ (17) පිළිගත්තා.
ඒ, අදාළ ගුවන් යානයේ සුන්බුන් අතර තිබී විදෙස් රටක නිෂ්පාදිත යැයි සැක කෙරෙන පුපුරණ ද්‍රව්‍ය අංශු කොටස් සොයාගැනීමත් සමඟයි.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සොයා ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන්නේ අයි.එස්. සටන්කාමීන් වෙතයි.
උපුටාගැනීම
Post a Comment