Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Hidden cam use to record lovers sex caught in rest room in kuliyapitiya  

කුලියාපිටියේ රූම් යන කපල් වීඩියෝ කර 
සල්ලිවලට පෙන්වූ කසුන්ගේ 
පොට්එක - වීඩියෝ

ප්ලග් වලට කැමරා සෙට් කරලා
එහා කාමරේ රෙකෝඩින් දාලා
කසුන්ට දැඩි කොන්දේසි මත ඇප

පෙම්වතුන්ට කාමර පහසුකම් ලබාදී රහසිගත කැමරා මගින් කාමරයේ යහන මත දර්ශන ලබාගෙන මුදලට ප්‍රදර්ශනය කරන අලුත්ම ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අයෙකු පසුගිය අගෝස්තු මස හිරු CIA අනාවරණයෙන් පසුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වුණා. මේ සම්බන්ධයෙන් වන රහසිගත වීඩියෝද අප ඔබ හමුවේ ගෙනආවේ ආදරයෙන් අන්ධවී ඇතැම් අවස්ථාවලදී හෝටල් කාමරවල පෙම්සුව විඳින්නට යන පෙම් යුවලවලට සිතන්නට යමක් ඉතිරි කරමිනුයි.

මෙම ව්‍යාපාරය සිදුකරගෙන ගොස් තිබුණේ කසුන් නැමති අයෙක් වන අතර ඔහු විසින් මුදලට විකුණන කාමර තුළ සූක්ෂම ලෙසින් කැමරා සවිකර තිබුණේ විදුලි පේනු තුලයි. ඒ තුළින් ලබාගන්නා දර්ශන මොහු විසින් පරිගණකය ගබඩා කර එම ස්ථානයේම වෙනත් අය සඳහා මුදලට නැරඹීමේ පහසුකම ලබාදී තිබුණා. කසුන්ගේ රූම්වල වීඩියෝ බලන්නට වැඩිවශයෙන් පැමිණ තිබුණේ මැදිවියේ පසුවන මුදල් යහමින් ඇති පුද්ගලයින් පිරිසක්.


මෙම සිද්ධිය වූ දිනයේ රූම්වලට පැමිණි අය එහි තිබූ පොත්වල අත්සන් කර තිබෙන අයුරු දකින්නට ලැබුණු අතර ඔවුන්ගෙන් ඇතැමුන් වයස අවුරුදු 17ටත් අඩු අය බවයි දැකගත හැකිවුණේ. කෙසේ නමුත් CIA අනාවරණයෙන් පසුව පොලිසිය පැමිණ එම ස්ථානය වැටලූ අතර මෙය පවත්වාගෙන ගිය කසුන් එම අවස්ථාවේ ඉල්ලා සිටියේ මෙය කෙසේ හෝ ශේප් කරදෙන ලෙසයි.

නමුත් නීතියේ රැහැනෙන් ගැලවීමට නොහැකි වූ ඔහු පසුව රක්ෂිත බන්ධනාගාරගතව සිටි අතර පසුව මෑතකදී දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමටත් සියලු පරීක්‍ෂණ අවසන්කොට වැඩිදුර වාර්තාව සඳහා මෙම නඩුව දෙසැම්බර් 11 නැවත කැඳවීමටත් කුලියාපිටිය මහෙස්‌ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා නියම කළේය.

පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්‌වමින් කියා සිටියේ මෙම සිදුවීම සම්බන්ධව කුලියාපිටිය නගර සභාවේ සේවය කරන සුරංග, නාගරික ත්‍රිරෝද රථ ගාලේ ක්‍රිෂාන්ත නොහොත් අයිස්‌බණ්‌ඩා සහ පොදු වෙළෙඳපොළේ ඌරුපිටිය නීල් යන තිදෙනා නිරන්තරයෙන් බීමත්ව එම දර්ශන නරඹා ඇති බවට වැදගත් තොරතුරු ලැබී ඇති බවත් ඔවුන් සතුව පටිගත කළ දත්ත තිබේදැයි පරීක්‍ෂා කළයුතු බවත් ඇප ලබා දුනහොත් එවැනි තොරතුරු ලැබෙන අවස්‌ථාව අහිමි වන බවත්ය.

කරුණු සැලකිල්ලට ගත් කුලියාපිටිය මහෙස්‌ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා - සැකකරු දීර්ඝ කලක්‌ රක්‍ෂිත බන්ධනාගාරගතව සිටීම ද සලකා සැකකරුට ඇප ලබාදීමෙන් අනතුරුව කිසිදු අයුරකින් පරීක්‍ෂණ කටයුතුවලට බාධා නොකළයුතු බවට අවධාරණය කොට හෝටල් කාමර මුද්‍රා තබා එහි යතුරු පොලිස්‌ භාරයට ගන්නා ලෙසටද නියෝග කළේය.

කසුන්ගේ පොට් එක වැටලූ අවස්ථාවේ වීඩියෝව පහතින්....

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels