විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න
අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය - ‘‘අහෝසි වෙන්නේ
මෛත්‍රීගේ නිල කාලයෙන් පස්සේ‘‘ - මංගල
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ මැතිවරණ ක්‍රම සංශෝධනය සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකා දෙක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද (18) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.
ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික අමාත්‍ය එස්.බී.නාවින්න ප්‍රකාශ කළේ.
කෙසේ නමුත් විධායක ජනාධිපති ධූරය අහෝසිකිරීම වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල කාලය අවසන්වීමෙන් පසු බලාත්මක වනබව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
Post a Comment