3000කට ගෙන්නගන්න පුලුවන්
කුලියාපිටියේ අක්කලා දෙන්නා
කුලියාපිටිය පල්ලපිටිය ප්රදේශයේ සූක්ෂම ලෙස ලැගුම්හලක මුවාවෙන් පවත්වාගෙන යනු ලැබූ ගණිකාවන් සපයන ආයතනයක් වටලා එහි හිමිකරු සමඟ සේවයේ යෙදෙමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුලියාපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට හැකිව තිබෙනවා.
උපායදූතයෙකු මගින් කාන්තාවක් රුපියල් 3000ක් ගෙවා ඇණවුම් කර හිමිකරු විසින් කාන්තාවක් ලබාදෙන මොහොතේ සූක්ෂමව පොලිසිය මගින් අදාළ කාන්තාවන් දෙදෙනා සහ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු හා සැකකාරියන් දෙදෙන කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරු ආයතන හිමිකාර සැකකරු වරද පිළිගැනීමට පලකළ එකඟතාවය මත රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් හා රුපියල් පනස්දහසක මුදල් ඇපයක් මත මුදා හැර සෑම ඉරුදිනකම පොලිසියට වාර්තාකරන ලෙසත් සැකකාරියන් දෙසැම්බර් මස 04 දක්වා රකෂිත බන්ධනාගාර ගත කොට එමගින් මගින් සමාජ රෝග වාර්තාවක් එදිනට ඉදිරිපත්කරන ලෙසත් වැඩබලන මහේස්ත්රාත් ජෙනී අමරසිංහ මහත්මිය නියම කළාය.
එසේ ඇප මත මුදාහැරුණේ පල්ලපිටිය නරිහන්දිය ප්රදේශයේ පවත්වාගන යන ලැගුම්හල් හිමිකරු වන අතර රක්ෂිත බන්ධනාගාර ගත වූයේ කටුවන හා සීදූව ප්රදේශයේ වයස අවුරුදු 24 හා 25 කාන්තාවන් දෙදෙනෙකි.
දිගින් දිගටම ලද මහජන පෙත්සම් පිළිබඳව කරුණු සැලකිල්ලට ගෙන කුලියාපිටිය කොට්ඨාශභාර පොලිස් අධිකාරී කපිල කඩුපිටිය සහකාර පොලිස් අධිකාරී ධර්මසේන රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
Post a Comment