වාහන මිල වැඩිකරන්න හේතුව ගැන
මුදල් ඇමති රවී කියයි - වීඩියෝ
මාසෙට වාහන 60,000ක් අලුතින් පාරට එනවා,
ඒවා යන්නේ අහසෙද ?
ඉලෙක්ට්‍රික් කාර් විතරක් නෙවෙයි අයවැය දුවන්න ඕනි
පසුගියදා ඉදිරිපත් කෙරුණු අයවැයෙන් වාහන මිල නොසිතූ ලෙස ඉහළයාම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ කතාබහක් ඇතිව තිබෙනවා. නමුත් රටේ මාර්ගවලට දරාගත නොහැකි මට්ටමට රථවාහන පැමිණීම, රථ වාහන සඳහා වන බදු ඉහළ දැමීමට හේතුව බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ අදහස් පලකළේ මට්ටක්කුලිය - ලංගම ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින්. ඔහු එහිදී වැඩිදුරටත් පවසා සිටියේ ලංකාව තුල ඇති පාරවල් වල තත්වය අනුව මේ වන විට වාහන ප්‍රමාණය ඉහළගොස් ඇති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මහතා පවසා සිටියේ මසකට වාහන 60,000ක් පමණ එකතුවන බවත් ඒවා යන්නේ අහසේද යන්නැයි. අධික බදු නැති බවත් 50% බද්දක් අයකර ඇති බවත් පවසන ඇමතිවරයා එම අවස්ථාවේ දැක්වූ අදහස් ඇතුළු සම්පූර්ණ වීඩියෝව පහතින්....
Post a Comment