මියන්මාරයේ දැවැන්ත නායයාමකින්
75ක් මියයයි - 100ක් අතුරුදන්
උතුරු මියන්මාරයේ කචෙන් ප්‍රාන්තයේ Hpakant ප්‍රදේශයේ සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 75 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් පුද්ගලයින් 100කට අධික ප්‍රමාණයක් අතුරුදන්ව තිබෙනවා.
මීටර 300ක පමණ කන්දක් නායගොස් ඇති අතර රන් ආකරවලින් ඉවත්කරන අපද්‍රව්‍ය ගොඩගැසූ කන්දක් නායයෑමට ලක්ව තිබෙන බවට වාර්තා වෙනවා.
ඉන් නිවාස 300ක් පමණ විනාශ වී ඇති අතර අතුරුදන්වූ පුද්ගලයින් සොයා මෙහෙයුම් ද ක්‍රියාත්මකයි.
රන් ආකර අපද්‍රවය සහිත ලොව විශාලම කලාපය මෙම Hpakant ප්‍රදේශය බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ...
උපුටාගැනීම
Post a Comment