සැප වාහනේ පැදන් ගිය 15 හැවිරිදි සිසුවා
දෙසැම්බර් කොරියා යන්න හිටිය තරුණයාව
එළොව අරන් ගිහින් - Photos
පසුගිය 15වනදා තංගල්ල නාකුළුගමුව - වැල්ලම්පිටිය හන්දියේදී සුඛෝපභෝගී කැබ් රථයක් සහ යතුරුපැදියක් එකිනෙකට ගැටීමෙන් 24 හැවිරිදි තරුණයෙකු මිය ගොස් තිබෙනවා.
මෙම කැබ් රථය ධාවනය කර ඇත්තේ වයස අවුරුදු 15ක් වයසැති ශිෂ්‍යයෙකු විසින් වන අතර ඒ වන විට රථයේ ඔහුගේ මවද සිට තිබෙනවා.
අනතුරින් පසුව මෙම ශිෂ්‍යයා සිය මව සමඟ වාහනය දමා පැන ගොස් ඇති අතර සිද්ධිය සිදු වූ ස්ථානයට පොලිසිය පැමිණි අවස්ථාවේ සුඛෝපභෝගී කැබ් රථය ප්‍රදේශවාසීන් විසින් රැගෙන යන්නට ඉඩ ලබාදී නැහැ.
ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ භාරකාරයකු පැමිණෙන තුරු වාහනය රැගෙනයාමට ඉඩ නොදෙන බවයි. නාකුළුගමුව ප්‍රදේශයේ ජීවත්වූ මියගිය තරුණයා පවුලේ වැඩිමහල් දරුවායි. ඔහු දෙසැම්බර් මාසයේ කොරියාවට පිටත්වීමට සිටී බවටද තොරතුරු වාර්තා වෙනවා. කෙසේ වෙතත් පොලිසිය විසින් මේ වනතෙක් වැරදිකරු අත්අඩංගුවට ගෙන නැහැ.
Post a Comment