අලුත් ෆෝන් අරන්දී සිසුවියන්ගේ කාමය ඇවිස්සූ
ගුරාට ගල් වලින්, හූ හඬින් සංග්‍රහයක්
ලැබුණු හැටි - වීඩියෝ
කලින් පාසැලකත් මේ වැඩේම කරලා
මාරුවක් ලැබිලා
දෙවනි පාර ජොබ් එකම ඉවරයි
මොණරාගල - මියනකඳුර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු අපයෝජනයට ලක් කළ බව කියන එම විදුහලේ ගුරුවරයෙකුගේ සේවය අත්හිටුවීමට තීරණය කළ බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ප්‍රකාශ කළා.
අදාල ගුරුවරයා ජංගම දුරකථන ලබාදී දුරකථන පණිවුඩ මගින් කාමය අවුස්සා 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් අපයෝජනය කළබවට චෝදනා ලැබූ අයෙක් බවටද තොරතුරු වාද්වෙෂ කරනවාර්තා වෙනවා.
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ මෙම සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් පළාත් අධ්‍යාපන ලේකම්වරිය වෙත උපදෙස් ලබාදුන් බවයි.
ඊයේ මෙම සිද්ධියට විරෝධය පළ කරමින් එම විදුහල ඉදිරිපිට විරෝධතාවක්ද පැවැත්වුණු අතර, එහිදී උණුසුම් තත්ත්වයක්ද ඇතිවුණා. එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් සිද්ධිය වූ පාසලට පැමිණි අතර ඔවුන් පැමිණි වාහනයට ගල් ප්රහරයක්ද එල්ලවී තිබෙනවා. අවට සිටි පිරිසගේ හූ හඬ මධ්‍යයේ අදාල ගුරුවරයා පොලිසිය විසින් රැගෙන ගිය අතර ඔහුට පහරදීමටද පිරිසක් බලාසිටි බවටයි වාර්තා වන්නේ..
චෝදනා එල්ල වූ ගුරුවරයා මෙම විද්‍යාලයට දඬුවම් මාරුවක් ලබා පැමිණ ඇත්තේද මෙවැනිම සිද්ධියක් සම්බන්ධයෙන්.
Post a Comment