නව අයවැයෙන් වාහන මිල
ලක්ෂ 25කින් ඉහළට - වැඩිවන මිළ ගණන් ලැයිස්තුව
විද්‍යුත් මෝටර් රථයක් ලක්ෂ 25කින්
බඩී වැන් ලක්ෂ 6කින්
මරුති ලක්ෂ 2කින් ඉහළට
අයවැය මගින් පැනවූ නව බදු හේතුවෙන් ඉලෙක්ට්‍රික් මෝටර් රථ ආනයනය නැවතීමේ අවදානමක් මතුව ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා. එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ ප්‍රකාශ කළේ ඉලෙක්ට්‍රික් හෙවත් විද්‍යුත් මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 25 කින් පමණ ඉහළ යනු ඇති බවයි. වෑන් රථයක් ලක්ෂ 25 කින් පමණද ඉහළ යනු ඇති බව ඔහු සඳහන් කළා.
අයවැය බදු අනුව දෙමුහුන් හෙවත් හයිබ්‍රිඩ් මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 4 කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනවා.
එසේම බඩී වෑන් රථවල මිල රුපියල් ලක්ෂ 6 ත් 10 ත් අතර මිලකින් වැඩිවනු ඇති බව සඳහන්. මරුති වැනි කුඩා මෝටර් රථවල මිල රුපියල් ලක්ෂ 2 කින් ඉහළ දැමීමට සිදුවනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ අදහසයි. ත්‍රිරෝද රථයක මිල ද රුපියල් ලක්ෂ එකහමාරකින් පමණ ඉහළ යෑමට නියමිත අතර, යතුරුපැදි මිල වෙනස් වන්නේ නැහැ.
කෙසේ වෙතත් විද්‍යුත් මෝටර් රථ ආනයනයේදී මෙතෙක් සියයට 5 ක් ව පැවති බද්ද සියයට 50 දක්වා ඉහළ නංවා ඇති අතර, ඒ අනුව අදාළ මෝටර් රථ ආනයනය නැවැත්වීමට හෝ සීමා කිරීමට සිදුවන බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ අදහසයි.
ඒ අනුව,
විද්‍යුත් මෝටර් රථයක් ලක්ෂ 25කින්
මිනි කැබ් ලක්ෂ 10කින්
හයිබ්‍රිඩ් මෝටර් රථයක් ලක්ෂ 4කින්
මරුටි මෝටර් රථයක් ලක්ෂ 2කින්
ත්‍රිරෝද රථයක් ලක්ෂයකින් ඉහළ යනු ඇති.
ඊයේ (20) ඉදිරිපත් කළ අයවැය යෝජනාවෙහි රථවාහන පිළිබඳ මෙවැන්නක්ද අඩංගු වූවා.
Post a Comment