Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Father who was locked in dog cage dies  

දියණිය විසින් බලු කූඩුවේ දැමූ 
අසරණ පියා මියයයි
සිරුර දියණියට නොදෙයි
රටම කතාබහට ලක්කළ මහනුවර ප්‍රදේශයේ දියණියක් සිය පියාව බලුකූඩුවේ රඳවා තැබූ බව කියන සිද්ධියට අදාළ පියා මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
73 හැවිරිදි එම්.ජී. සුමතිපාල නැමැති බලගොල්ල ප්‍රදේශයේ පදිංචි මේ පියා මහනුවර අතිරේක මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතාගේ නියෝග මත පසුගිය 2වන දින අම්පිටිය වැඩිහිටි නිවාසයේ නතර කරන ලෙස නියෝග කෙරුණා.

කලක් තිස්සේ හුදකලාව බලගොල්ල නිවසේ ඉදිරිපස ඇති කූඩුවක මොහු ජීවත් වූ බැවින් කතා කිරීමට හෝ යමක් තේරුම් ගැනීමට නොහැකි තත්ත්වයේ පසු වුණු අතර දියණිය පැවසුවේ කූඩුවට දමා තිබ්බත් ඇය පියාට සැලකූ බවයි. එම නිවසේම ඇතුලට කාමරයක සුනඛ පැටවුන්ට වෙන්කර දී තිබූ අතර ඔවුන්ට බොන්නට කිරි වාර්ගද එහි තබා තිබුණේ පියාට එවන්හෝ සැලකිල්ලක් නොදක්වමිනුයි.

වැඩිහිටි නිවාසයට ඇතුළත් කළ ද ඔහු නිරෝගී බවක් නොපෙන්වා ආහාර පාන ගැනීමෙන් වැළකී සිටි බැවින් , පසුව ඔහු ප්‍රතිකාර සඳහා මහනුවර මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ අනුව ඔහු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. 

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels