Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

8 ltte support groups and 269 peoples release  

කොටි සමඟ සබඳතා පැවැත්වූ බවට 
සැක කළ සංවිධාන 8 කට 
තිබූ තහනම ඉවතට

එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සබඳතා පවත්වාගෙන ගිය බවට සැක කළ සංවිධාන 8 කට සහ පුද්ගලයන් 269 දෙනෙකුට පනවා තිබූ තහනම ගැසට් නිවේදනයක් මගින් ඉවත් කර තිබෙනවා. පසුගිය 20 වන සිකුරාදා ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් මගිනුයි මෙම තහනම ඉවත් කිරීම සිදුකර ඇත්තේ.
 
2014 වසරේ මාර්තු මස 21 වන සිකුරාදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගැසට් නිවේදනයක් මගින් එල්.ටී.ටී.ඊ. සමඟ සබඳතා පවත්වන බවට සැක කෙරෙන සංවිධාන 16 ක් සහ පුද්ගලයන් 424 දෙනෙකු තහනම් කිරීමට පියවර ගනු ලැබුවා. 


හිටපු ආරක්ෂක ලේකම්වරයා නිකුත් කර තිබූ ගැසට් නිවේදනයට අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානය, දෙමළ පුනරුත්ථාපන සංවිධානය, දෙමළ සම්බන්ධීකරණ කමිටුව, බ්‍රිරතාන්‍ය දෙමළ සංසදය, ලෝක දෙමළ ව්‍යාපාරය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය, ඕස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, ගෝලීය දෙමළ සංසදය, කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ ජාතික සභාව, ද්‍රවිඩ තරුණ සංවිධානය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව, දේශසීමා ඉක්මවූ දෙමළ ඊළාම් රාජ්‍යය, ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය, ලෝක දෙමළ සහන සාධක අරමුදල, මූලස්ථාන කාර්යාලය හෙවත් එච්.කිව්. ගෘෘප් තහනම් සංවිධාන ලෙස නම් කර තිබුණා.
 
පසුගිය සිකුරාදා නිකුත් කළ නව ගැසට් නිවේදනය මගින් කැනේඩියානු දෙමළ කොංග්‍රසය, ඕස්ටේ්‍රලියානු දෙමළ කොංග්‍රසය, ගෝලීය දෙමළ සංසදය, කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ ජාතික සභාව, ද්‍රවිඩ තරුණ සංවිධානය සහ ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව යන සංවිධාන සඳහා පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා.
කෙසේ වෙතත් එල්.ටී.ටී.ඊ. සංවිධානය, ලෝක දෙමළ ව්‍යාපාරය ඇතුලූ ඉතිරි සංවිධාන අට තවදුරටත් තහනම් සංවිධාන ලෙසයි ආරක්ෂක ලේකම්වරයා නම් කර ඇත්තේ. මීට පෙර එල්.ටී.ටී.ඊය සමඟ සබඳතා පවත්වන බවට සෘජුව නම් කර තිබූ පුද්ගලයන් 424 අතුරින් 269 දෙනෙකු ඉවත් කර තිඛෙනවා. ඉතිරි පුද්ගලයන් 155 දෙනා තවදුරටත් එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සම්බන්ධතා පවත්වන ලැයිස්තුවට ඇතුළත් වන බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ.
 
ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි සඳහන් කළේ සංවිධාන කිහිපයක පසුගිය කාලයේ හැසිරීම සහ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමේදී ඔවුන් තවදුරටත් සැක කටයුතු ලැයිස්තුවේ තබාගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. ඒ අනුව සංවිධාන 8 ක් මෙලෙස ඉවත් කර ඇති අතර, කෙසේ වෙතත් බුද්ධි අංශ වාර්තා මගින් එල්.ටී.ටී.ඊ. හිතවාදින් ලෙස කටයුතු කරන බවට සනාථ වී ඇති සංවිධාන 8 ක් තවදුරටත් තහනම් කර අඛණ්ඩව අධීක්ෂණය කරන බවයි ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels