තරුණයෙක් පැහැරගෙන ගිහින්
බලෙන්ම ලේ අරගෙන
පාරමැද දමා ගිහින්
ලේ දෙන්නට කැමැත්තෙන් රෝහල්වලට යන තරුණයින් අතර බලෙන් වාහනයක දමාගෙන ගොස් සහිමූර්ජා කර 20 හැවිරිදි තරුණයෙකුගේ ලේ ලබාගත් සිද්ධියක් සම්බන්දයෙන් වාර්තා වෙනවා.
තරුණයා මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ කොළඹ මැලේ වීදිය ආසන්නයේදී වන අතර ඔහුව වෑන් රථයකට නංවාගෙන පිරිසක් මීගමුව ප්රදේශයට ගොස් තිබෙනවා.
පසුගිය 28 වනදා මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ අම්පාර ප්රදේශයේ පදිංචි තරුණයෙකු බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති අතරම ඔහු පොලිසිය හමුවේ පවසා ඇත්තේ තමන් වාහනයට නංවාගත් පිරිස එහිදී යම් පානයක් බොන්නට දුන් බවත් එහිදී තමන්ට සිහිමඳ ගතියක් ඇතිවූ බවත්ය.
එම අවස්ථාවේ වාහනය තුල 3දෙනෙකු සිටි බවටද තරුණයා පොලිසිය හමුවේ පවසා තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වන අතර සිද්ධියට මුහුණදුන් තරුණයා මීගමුවේ සිටි බස් රථයක නැවත කොළඹට පැමිණයි පොලිසියේ අදාල පැමිණිල්ල කර ඇත්තේ..
Post a Comment