Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Jaffna train phone robbery case  

ලක්ෂයක ෆෝන් එකක් උස්සලා 
2000ට විකුණපු හොරා 
කඩේ අයියාගේ මොළෙන් මාට්ටු

කොළඹ කොටුවේ සිට යාපනය බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රියේ ගමන් ගත් මගියකුගේ රුපියල් එක්‌ලක්‍ෂ හාරදහසක්‌ වටිනා ජංගම දුරකථනයක්‌ සොරාගෙන එය රුපියල් දෙදහසකට විකුණා තිබියදී මාස 9 කට පසු එම සැකකරු අල්ලා ගැනීමට දුම්රිය ආරක්‍ෂක නිලධාරීහු සමත් වූහ.

මෙම වසරේ පෙබරවාරි 28 දා ජංගම දුරකථනය සොරා ගත්තැයි චාවකච්චේරිය පදිංචිකරුවකු දුම්රිය ආරක්‍ෂක අංශයට පැමිණිලි කොට තිබී ඇත.


ඒ අතර ජංගම දුරකථනය සොරාගත් තැනැත්තා එහි තිබූ ආරක්‍ෂිත අංකය ඉවත් කොට දුරකථනය ක්‍රියාත්මක කර ගැනීමට නොහැකිව එය ඉවත් කර ගැනීම සඳහා පිටකොටුව ප්‍රදේශයේ දුරකථන අලෙවිහලක කාර්මිකයකුට දී තිබේ.
මෙය සොරාගත් එකක්‌ බව දැනගත් එම කාර්මිකයා එය විවෘත කොට එහි තිබූ අංකයට ඇමතීමෙන් පසු එම තැනැත්තා දුරකථන හිමි අයගේ ඥතියකු බව දැන සිද්ධිය පවසා ඇත. අනතුරුව එම කාර්මිකයාගේ ජංගම දුරකථනයෙන් මෙම සැකකරුගේ ඡායාරූපයක්‌ ද ඔහුට නොදැනෙන සේ ලබාගෙන එය දුරකථන හිමියාට ලබා දී තිබේ.

මේ අනුව යාපනය දුම්රියේ සැකකටයුතු ලෙස ගමන්ගත් අයකු පිළිබඳව අවධානයෙන් සිටි දුම්රිය ආරක්‍ෂක අංශ නිලධාරීන් පොල්ගහවෙල - රාගම අතරදී (23 දා) සවස එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇත.

මොහු යාපනය දුම්රියේ ජංගම දුරකථන සොරකම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ අයකු වන නිසා ආරක්‍ෂක අංශ නිලධාරීන් මොහු රඳවා තබාගෙන මීට මාස 9 කට පෙර නැති වූ ජංගම දුරකථන හිමිකරු කැඳවා ඇත.

ඒ අනුව ඔහු පැමිණ තමා සතු ඡායාරූපය අනුව මොහු හඳුනාගෙන ඇත. ඒ වන විට රහස්‌ අංකය විවෘත කොටගෙන ඇති මෙම සැකකරු එම ජංගම දුරකථනය රුපියල් දෙදහසකට විකුණා ඇති බවට හෙළිවිය.

ඒ අනුව ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු කොටුව පොලිසිය වෙත භාර දී ඇත.

උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels