‘‘නාගදීපය‘‘ නම එපා -
‘‘නයිනතිව්‘‘ නම ඕනිලු
යාපනය අර්ධද්වීපයේ දූපතක් ලෙස පිහිටි නාගදීපයේ, නම වෙනස් කර එය නයිනාතිව් ලෙස නම් කිරීමට උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. පසුගිය 5 වන දා පළාත් සභාව රැස්වූ අවස්ථාවේදී මෙම යෝජනාව සම්මත කර ගත් බවයි දෙමළ සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් කියා සිටියේ.
කෙසේ නමුත් යාපනය අර්ධද්වීපයේ දූපතක් ලෙස පිහිටි නාගදීපයේ, නම වෙනස් කිරීමට පළාත් සභාවට හැකියාවක් නොමැති බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි ප්‍රකාශ කළා.
එම දූපත නයිනතිව් ලෙස නම් කර ගැසට් කළ යුතු බවට යෝජනාවක් පසුගිය 5 වන දා උතුරු පළාත් සභාව විසින් සම්මත කරගෙන තිබුණා. ඒ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදියි ඔහු මේ බව කියා සිටියේ. එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කළේ රටේ ප්‍රදේශවල නම් වෙනස් කිරීමේ අයිතිය පවතින්නේ පළාත් සභාවට නොව මධ්‍යම රජයට බවයි.
උතුරු පළාත් සභාව සම්මත කර ගත් යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් කියා සිටියේ ඈත අතීතයේ පටන් එම දූපත නයිනතිව් ලෙස හැදින්වෙන බවයි.
කෙසේ වුවත්, මෙම දිවයිනේ නම වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් ප්‍රකාශ කළා.

Post a Comment