Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

isis attack by worldwide  

ISIS ත්‍රස්තයින්ට 
ලෝකේ වටෙන්ම කෑම, 
ප්‍රහාර දෙගුණ වෙයි

අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහි ක්‍රියාමාර්ග දෙගුණ කරන ලෙස ජගත් සංවිධානය ලොව සියලූ රටවලින් ඉල්ලීමක් කළා. ඒ සඳහා වූ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් 20වනදා ඒකමතිකව සම්මත කරගෙන තිබෙනවා.

මේ අනුව අප්‍රිකානු මාලි රාජ්‍යයේ බමාකෝ අගනුවර ඇමරිකානු රැඩිසන් බ්ලූ හෝටලයට එල්ල වූ ඉස්ලාමීය අන්තවාදීන්ගේ ප්‍රහාරය මේ වන විට අවසන් වී තිබෙනවා. 


එහි ප්‍රාණ ඇපයට ගෙන සිටි විදේශිකයන් ඇතුළු 170කට ආසන්න පිරිස අතුරින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. 

මාලි ආරක්ෂක හමුදා එම හෝටලයට කඩා වැදී ත්‍රස්තවාදීන් මෙල්ල කිරීමට උත්සාහ කළ අතර, එහි සිරවී සිටි පුද්ගලයින් ඉවත් කර ගැනීම සඳහා ඇමරිකානු විශේෂ බලකා සෙබලූන් ද සහාය වී තිබෙනවා. 

මෙම සිද්ධියෙන් පසු මාලි ජනාධිපතිවරයා විසින් රට තුළ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කළා. මිය ගිය අය අතර මාලි රාජ්‍යයේ බෙල්ජියම් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සහ ඇමරිකානුවෙකු ද සිටින අතර හෝටලයේ සිරවී සිටි චීන ජාතිකයින් 4 දෙනෙකු බේරා ගත් බව චීන මාධ්‍ය සදහන් කළා.

උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels