වෙන ගමකින් ඇවිත් එහා ගෙදර තරුණිය
නාන හැටි ජනෙලෙන් වීඩියෝ කළ අසහනකාරයා
අල්ලලා ගස් බැඳ පොලිසියට භාරදීලා
පොලිසිය අරන් යද්දි පිහියෙන් ඇන දුවලා
ගෙදරකට රිංගලා තවකෙකුටත් පිහියෙන් ඇනලා
පසුගිය දිනක තරුණියක් විසින් තමන්ගේ නිවසේ ඉදිකර තිබූ ජල ටැංකියෙන් දිය නාමින් සිටියදී ඇය ස්නානය කරන අවස්ථාවේ දර්ශන තමන්ගේ දුරකතනයෙන් හොර රහසේ රූගත කළ 25 හැවිරිදි තරුණයකු අල්ලා ගැනීමට තරුණියගේම නිවසේ පිරිස් සමත් වී ඇති පුවතක් සම්බන්ධයෙන් වාර්තා වෙනවා.
හිතවත්කමක් මත මෙම තරුණයා ප්රදේශයට පැමිණ ඇති අතර තරුණිය ස්නානය කරන අයුරු රූගත කරන හැටි දැකතිබූ නිවෙස් හිමියන් ඔහුව ගස් බැඳීමටද කටයුතු කර තිබෙනවා.
පිට පළාතකින් පැමිණ සිටි මෙම තරුණයා තරුණිය නාන ඇඳුම් මාරුකරන විට එම දර්ශනය ඔහු නතර වී සිටි නිවෙසේ ජනේලයකින් රූගත කරනු අහම්බයෙන් මෙන් තරුණිය දැක තිබෙනවා.
පසුව එම තරුණිය මෙම සිද්ධිය තම මවුපියන්ට හා සොහොයුරකුට පැවැසීමෙන් පසුව ඔවුන් මෙම තරුණයා අල්ලා ගස් බැඳ තිබෙන අතර මෙම සිද්ධිය පොලිසියට දැන්වීමෙන් පසු පැමිණි පොලිස් නිලධාරීන් ගමේ අයගේ සහාය ඇතිව යතුරුපැදියකින් එම තරුණයා පොලිසිය වෙත රැගෙන යමින් සිටියදී පොලිසියට ආසන්න වත්ම මෙම තරුණයා පැනයෑමට උත්සාහ කර තිබෙනවා.
එහිදී තරුණයා මෙල්ල කිරීමට උත්සාහ කිරීමේදී තරුණයාගේ ඉනේ සඟවාගෙන සිටි උල් පිහියකින් පොලිස් නිලධාරියකුගේ අතට පහරදී එතැනින් පලා ගොස් ඇති අතර එසේ පලාගිය මෙම තරුණයා අසල පිහිටි නිවෙසකට රිංගා සැඟවීමට උත්සාහ කළ අවස්ථාවේදී එම නිවැසියා ඔහු අල්ලාගත් මොහොතේ ඔහුටද පිහි පහර කිහිපයක් එල්ලකර එතැනින්ද ගැලවී පලාගොස් තිබෙන බවට වාර්තා වෙනවා.
පසුව ගළෙන්බිඳුණුවැව මාර්ගයේ ධාවනය වූ රාත්රි බස් රථයකට ගොඩවී පලා යමින් සිටියදී ඔහුව ලුහුබැඳ ගිය පොලිසිය එම බස් රථය තුළදීම නැවත වරක් තරුණයා අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇති අතර පිහිපහරට ලක් වූ පොලිස් නිලධාරියා හා නිවසේ පදිංචිකරුවා රෝහලට ඇතුළත් කරන ලද අතර ගම්වැසියාගේ තත්ත්වය බරපතළ බැවින් ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
අත්අඩංගුවට ගත් තරුණයා කොළඹ මෝදර පදිංචිකරුවකු බව පොලිසියට පවසා ඇති අතර ඔහු මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද පොලිසිය පියවර ගෙන තිබෙන බවට වාර්තා වෙනවා.
Post a Comment