පන්දුවට පහරදෙන අතර
හිටිගමන් පිටියේ ඇදවැටී
ක්‍රිකට් ක්‍රීඩකයෙකු මියයයි
ක්‍රිකට් තරඟයක් අතර ඇතිවූ හදිසි ආබාධයක් නිසාවෙන් රෝහල්ගතකළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා. ඔහු දින 5ක් පමණ රෝහලේ ප්‍රතිකාර ලබා තිබෙන අතර මෙලෙස මියගොස් ඇත්තේ නැම්බියානු ජාතික කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයෙකු මෙන්ම දක්ෂ පිතිකරුවෙකු වූ Raymond van Schoor වේ.
ඔහු ලකුණු 15ක් ලබා සිටියේදී එකවරම පිටියේ ඇදගෙන වැටී ඇති අතර පසුව පිටියෙන් ඉවත්වී ඇත්තේ රෝගී තත්වයක් නිසාවෙන්. මේ වන විට ක්‍රිකට් තරඟවලදී ඔහු ලකුණු 8000ක් පමණ රැස්කරගෙන තිබෙනවා.
මියයන විට ඔහු 25වන වියේ පසුවූ අතර වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහුගේ හදිසි රෝගය යථාතත්වයට පත්කරගැනීමට නොහැකි වූ බවයි
Post a Comment