මවගේ අලුත් පෙම්වතා එක්ක හාද වූ
දියණියගේ අනියම් පෙම
පොරෝ පහරින් අවසන් වෙයි
දියණියට පොරොවකින් පහරදී ඝාතනය කළ සුළු පියා වස පානය කර රෝහල් ගතකිරීමේ සිද්ධියක් මොණරාගල - සියඹලාණ්ඩුව - මහකළුගොල්ල - වෙල්කටුව ප්රදේශයෙන් වාර්තාවුණා.
වස පානය කළ 42 හැවිරිදි පුද්ගලයා මේ වනවිට සියඹලාන්ඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්රකාශකයෙකු සඳහන් කළේ.
පොලීසිය ප්රකාශ කළේ ඊයේ රාත්රියේ මෙලෙස ඝාතනය කර ඇති දියණියගේ වයස අවුරුදු 28 ක් බවයි. මෙම තරුණියගේ පියා මියගොස් ඇති අතර මව වෙනත් විවාහයක් සිදුකරගෙන ඇති බවටයි මූලික පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ. මියගිය තරුණියගේ මව විදේශගතව පසුවනවා.
කෙසේ වෙතත් වස පානය කළ සුළු පියා මියගිය තරුණිය සමඟ අනියම් සබඳතාවක් පවත්වා ඇති අතර, දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් මෙම ඝාතනයට හේතුවන්නට ඇති බවයි සියඹලාණ්ඩුව පොලීසිය ප්රකාශ කළේ.
Post a Comment