Nov
23
අතුරුදන්ව සිටි අරලගංවිල
පොඩිහාමුදුරුවරු 4 නම
සොයාගැනේ - Update
පොළොන්නරුව - අරලගංවිල ප්‍රදේශයේදී අතුරුදන් වූ බව කියන සාමණේර හිමිවරුන් සිව් නම මීට සුළු මොහොතකට පෙර හමුවී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම සාමණේර හිමිවරුන් විහාරස්ථානය ආසන්නයේ තිබූ රක්ෂිතය නැරඹීමට ගොස් නැවත පැමිණීම සඳහා මාර්ගය සොයාගැනීමට නොහැකිව අතරමංවී සිට ඇති බවයි.
මෙම හිමිවරුන් සිව් නම ඊයේ උදෑසන විහාරස්ථානයට නුදුරු රක්ෂිතයකට ගොස් ඇති අතර, නැවත විහාරස්ථානය වෙත නොපැමිණීම හේතුවෙනුයි අනෙකුත් භික්ෂුන් වහන්සේලා සහ දායක සභාව සොයා බලා තිබුණේ. මෙලෙස රක්ෂිතයේ අතරමංවී සිට නැවත පැමිණියේ කන්දේගම ධනංජය රජමහා විහාරස්ථානයේ වැඩවිසූ සාමණේර හිමිවරුන් සිව්නමක්.
උපුටාගැනීම
Post a Comment