හරීන් ප්‍රනාන්දු ඇත්ත කතා කරයි -
වීඩියෝ
‘‘මගේ ආමාත්‍යංශයට පනින්න හැදුවේ රාජිතගේ පුතා චතුර,
මාසෙට ආදායම ලක්ෂ 3ක් වගේ එනවා
ක්ලබ් වලටත් යනවා,
රංජන් මූණට හම්බවුණු වෙලාවක සුද්ද සිංහලෙන් දෙකක් කියනවා,ටෙලිකොම් සහෝදරයා මගේ නෙවෙයි‘‘
පසුගිය දිනයක ප්‍රබල ඇමති පුතෙකු විසින් හරීන් ප්‍රනාන්දු මහතාගේ අමාත්‍යංශයට රිංගන්නට උත්සාහ කර ඔහුගේ දූෂණ වංචා සොයන බවට පුවතක් වාර්තා වුණා. මේ සම්බන්ධයෙන් හිරු Hard Talk තුළින් හරීන් ප්‍රනාන්දු මහතාගෙන් සෘජුවම ප්‍රශ්න කළ අතර නම්ගම්ද සහිතව ඇමති පුතා ගැන හෙළිකරන්නට ඔහු එහිදී කටයුතු කරනු ලැබුවා.
ඒ රාජිත ඇමතිතුමාගේ පුත් චතුර සේනාරත්න බවට ඔහු පැවසූ අතර එලෙස රිංගුවේනම් දෙන වැඩේ මම දන්නා බවත් හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියා. එමෙන්ම තමන්ගේ ආදායම ගැනද ඔහු එහිදී ප්‍රකාශ කලේ පසුගිය දිනෙක අන්තර්ජාලයේ පළවුණු හරීන් ප්‍රනාන්දු කාන්තාවන් සමඟ සිටින ඡායාරූපවලට පිළිතුරු දෙමිනුයි.
ආණ්ඩු පක්ෂයේම පිරිස් හරීන් මෙන්ම විජේදාස රාජපක්ෂ යන අය හොරුන් බවට පැවසීම සම්බන්ධයෙන්ද මෙහිදී ප්‍රශ්න කෙරුණු අතර එයට පිළිතුරු දුන් හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ රංජන් රාමනායක මෙන් තමන් විසිල්, බල්ටි දේශපාලනයට කැමති නැති බවයි. රඟපෑම කරන ලෙසින් දේශපාලනය කිරීම පහසු නැති බවත් රංජන් රාමනායක මුහුණට හම්බවුණු අවස්ථාවක සුද්ද සිංහලෙන් දෙකක් කතාකරන්නට සිටින බවත් හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පවසා සිටිනවා.
මෙහි සම්පූර්ණ වීඩියෝව පහතින්....
Post a Comment