සමනලී ඇතුළු අලුත් පරපුරට
ගැහුව පළාත් සභා මන්ත්රී
අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු
අලුත් පරපුරේ කළාකරුවන් පිරිසකට පසුගිය මැතිවරණ සමයේදී කුඹුක්ගැටේ ප්ර දේශයේදී ප්රහාරයක් එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් වූ නඩුව කැඳ වු අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටි විත්තිකාර වයඹ පළාත් සභා මන්ත්රී අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල ප්රධාන මහේස්ත්රාත් ගීතානි විජේසිංහ මෙනවිය විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා.
මහේස්ත්රාත්වරිය මෙලෙස වරෙන්තු නිකුත් කළේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී ‘මුලාවෙන් මිදෙමු’ යන මැයෙන් කුඹුක්ගැටේ නගරයේදී ප්රසංගයක් පවත්වමින් සිටි අලුත් පරපුර කලාකරුවන් පිරිසකට පහරදුන් බවට වයඹ පළාත් සභා මන්ත්රී ඇතුළු පිරිසකට එරෙහිව කුරුණෑගල මහේස්ත්රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව යළි කැඳවූ අවස්ථාවේදීය.
විත්තිකාර දොන් කමල් ඉන්දික නඩුව කැඳවූ දිනයේදී අධිකරණය හමුවේ පෙනී නොසිටි නමුත් මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම්කර සිටින තිදෙනා අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.
පැමිණිලි පාර්ශවය වෙනුවෙන් සමනලී ෆොන්සේකා හා ලක්ෂ්මන් විජේසේකර පැමිණ තිබූ අතර ඒ අනුව අධිකරණය හමුවේ පෙනී නොසිටි විත්තිකාර වයඹ පළාත් සභා මන්ත්රී අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ..
Post a Comment