පැරිස් නගරය යුධපිටියක් කළ
ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු
වෙඩි පහරකින් ඝාතනය කෙරේ - වීඩියෝ
පැරීසියට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සොයා සිදුකළ මෙහෙයුමෙන් එහි ප්‍රධාන සැකකරු ජීවිතක්ෂයට පත්වූ බව ප්‍රංශ පොලිසිය තහවුරු කර තිබෙනවා.
මෙහෙයුම අතරතුර දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 8 දෙනෙකු අත්අඩංගුවට පත්වුනා.
ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවෙකු වන සලා අබ්දෙස්ලාම් බෙල්ජියමට පලාගොස් ඇති බවට සැක කෙරෙන අතර ඔහු සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
ප්‍රංශ හමුදා මෙම මෙහෙයුම දියත් කලේ ප්‍රංශ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන අබ්දෙල් හමීඩ් අබාවුද් පැරිස් අගනුවර මහල් නිවාස සංකීර්ණයක රැදී සිටින බවට ලද ඔත්තුවකට අනුවයි.
එහිදී දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් සිදුවූ අතර, විදෙස් වාර්තා සදහන් කළේ වෙඩි හුවමාරුවෙන් පසුව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අබාවුද්ගේ මළසිරුර සුන්බුන් අතර තිබී සොයාගත් බවයි.
පැරිස් ප්‍රහාරයේ මහා මොළකරු ලෙස සැලකෙන 27 හැවිරිදි අබ්දෙල් හමීඩ් අබාවුද් බෙල්ජියම් ජාතිකයෙක්. මේ අතර ප්‍රංශයට ඉදිරියේදී රසායනික ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බව එරට අග්‍රාමාත්‍ය මැනුවෙල් වෝල්ස් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ පැරිස් ප්‍රහාරයෙන් අනතුරුව ප්‍රංශයේ ක්‍රියාත්මක හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමින්.
අයි.එස් සංවිධානය, ඇමරිකාවේ විශාලතම නගරය වන නිව්යෝර්ක් නගරයට ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනය කර ඇති නමුත් නිව්යෝක් නගරාධිපතිවරයා පැවසුවේ එවැනි ප්‍රහාරයකට මුහුණදිය හැකි ආකාරයෙන් අතිරේක ආරක්ෂාවක් යොදවා ඇති බවයි.
උපුටාගැනීම
Post a Comment