Nov
26
ඉන්දු පාකිස්ථාන් ක්‍රිකට් යුද්ධයකට
ශ්‍රී ලංකා පිටිය තෝරාගනී
ඉන්දීය කණ්ඩායම සහ පාකිස්ථානය අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට පාකිස්ථානු අග්‍රාමාත්‍ය නවාස් ෂෙරීෆ්ගේ අනුමැතිය ලැබී තිබෙනවා.
එම තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දියානු සහ පාකිස්ථානු බලධාරින් අතර, පසුගිය දින කිහිපය තුළම සාකච්ඡා පැවැත්වුණා.
එහිදී එක්සත් එමීර් රාජ්‍යයේ ද මෙම තරඟය පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමුවූ අතර නමුත් වැඩි අවධානය යොමුවුණේ ශ්‍රී ලංකාවටයි. කෙසේ වෙතත්, මෙම ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.
Post a Comment