රිතූ ආකාර්ෂා මහ රෑ කාර් එකෙන්
පාර්ලිමේන්තු පාරේ
බැරියර් කඩාගෙන යයි - Exclusive Photos
වාහනය කුඩු පට්ටම්
රූගත කිරීමක් සඳහා වාහනයෙන් ගොස් නැවත එන අතරතුරදී ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක් වූ රිතූ ආකර්ෂා පදවාගෙන පැමිණි මෝටර් රථයක් වේගය පාලනය කරගත නොහැකිව පෙරේදා (22) රාත්‍රී පාර්ලිමේන්තු පාරේ ප්‍රධාන දොරටුව අසල අනතුරට ලක්ව ඇත. ආ වේගය නිසාවෙන් එහි යොදා තිබූ ආරක්ෂක කෝන් කිහිපයකටද සිද්ධියයෙන් අලාභ හානි වී ඇති බවට වාර්තා වේ.
රිතූ පෙරේදා (22) රාත්‍රි ටෙලි නාට්‍යයක රූගත කිරීම් සඳහා ගොස් ආපසු එන ගමනේදී මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වෙන අතර ඇයගේ යෙහෙළියක් ගෙදරට ඇරලවා ආපසු යමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ පා ඇති බවටද වාර්තා වේ.
ඇය පදවාගෙන පැමිණි මෝටර් රථය වේගය පාලනය කර ගැනීමට නොහැකිව පාර්ලිමේන්තුවට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන දොරටුව අසලදී ප්‍රධාන මාර්ග බාධක කඩාගෙන මීටර් 30ක් පමණ ඉදිරියට ගොස් ඇති බවටද වාර්තා වේ . මේ අනතුරෙන් මෝටර් රථයට බරපතළ හානි සිදුවී ඇති අතර රිතූට තුවාල සිදුවී නොමැති බවත් වාර්තා වේ.
එම අනතුර සම්බන්ධයෙන් තලංගම පොලිසියද ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර පොලිසිය භාරයට ගත් ඇගේ මෝටර් රියේ තිරිංග පරීක්ෂාව සඳහා මෝටර් රථ පරීක්ෂකයකු කැඳවීමට පොලිසිය පියවර ගෙන ඇති බවට වාර්තා වේ. මේ සම්බන්ධයෙන් දැනගැනීමට අප රිතූ සම්බන්ධ කරගත් අතර ඇය එදින සිද්ධිය වූ බවට අප හමුවේ ප්‍රකාශ කර සිටියාය.
ආරක්ෂක කෝන් කිහිපයකටද සිද්ධියයෙන් අලාභ හානි වූ නිසාවෙන් ඒවාට ගෙවීමක් කිරීමට සිදුවනු ඇති බවයි ඇය අප හමුවේ වැඩිදුරටත් පවසා සිටියේ..
Post a Comment