ඔළු පලාගෙන, අත් කඩාගෙන
ඩෙස් පුටුවලින් කුලියාපිටිය පාසැලක
ගුටි කෙළියක් - වීඩියෝ
ඇඟපුරා කැපුම් පාරවල්,
සයන්ස් එකේ අයියලා සෙට් එකක් ඇවිත් ගහලා
කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ 12 සහ 13 සිසුන් දෙපිරිසක් අතර ගැටුමෙන් 13 වසර සිසුන් දෙදෙනක් හා 13 වසර එක් සිසුවෙකු තුවාල ලබා කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පෙරේදා පැවති තාක්ෂණික දිනය අතරතුර ලබාදුන් විවේකයේදී මෙසේ පෙර දිනයක පටන් පැවති ආරවුලක් මෙම සිදුවීමට හේතුවී ඇතැයි රෝහල් ගතවූ සිසුන් පවසන අතර කැපීම් තුවාල හා අත් බිඳීම් වලට ලක්වූ සිසුන්ගේ තත්වය එතරම් බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග පවසනවා. ඔවුන් මේස හා පුටු වලින්ද ගුටිබැට හුවමාරු කරගෙන තිබෙනවා.
රෝහල් ගතව සිටින සිසුන්ට අනුව පහරදීමට සිසුන් විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් තමන්ට කවුරුන් පහරදුන්නාද යන්නත් කැපීම් සිදුකළේ තියුණු ආයුධ හෝ වෙනත් යමකින්ද යන්නත් තමන්ට එතරම් අවබෝධයක් නැතිබව ඔවුන් පවසනවා.
මේ වනවිට කුලියාපිටිය පොලිසිය අදාළ විදුහලේ ගුරුභවතුන් කැඳවා ප්‍රකාශ සටහන් කරමින් එම පහරදුන් සිසුන් අනාවරණය කරගැනීමට පුළුල් පරීක්ෂණ අරඹා තිබෙනවා.
එම විදුහලේ විදුහල්පති සෝමපාල නාරායන මහතාගෙන් ඒ පිළිබඳ කළ විමසීමේදී ඒ මහතා පැවසුවේ විදුහලේ තාක්ෂණික දිනය යොදාගන තිබූ බවත් පෙරවරු 11.30 ට පමණ සිසුන්ට විවේකයක් ලබාදුන් බවත් ඒ අතරවාරයේ ගුරුවරුන්ටද සංග්‍රහයක් සූදානම්කර තිබූ හෙයින් පෙර සිදුවීමක් පදන ම්කරගනිමින් සිසුන් අතර ගැටුමක් වී ඇති බවත් එහිදී කැපීම් තුවාල ලැබූ සිසුන් කුමන ආයුධයකින් කැපීමට ලක්වූවාද අනාවරණය නොවූ බවත් සිසුන් වහා රෝහලට යොමුකරවීමට කටයුතු කළ බවත් ය.
වීඩියෝ - කුලියාපිටිය උපේන්ද්‍ර
Post a Comment