මහින්ද අයවැය නොතේරෙන බව පවසා
අතරමගදී පිටව ගිහින් - වීඩියෝ
පාර්ලිමේන්තුවට ඊයේ (20) ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් පක්ෂ, විපක්ෂ මැති ඇමතිවරුන් විවිධ අදහස් දරනවා. මේ, හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ කියා සිටියේ මෙම අයවැය නොතේරුනත් ඉන් ගම සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 1500ක් වෙන් කිරීම හොඳ පියවරක් බවයි.
මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරන අයවැය නොතේරෙන බවට පවසමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අයවැය ඉදිරිපත් කරන අතරතුර පිටව ගියා.
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද පැවසුවේ මුදල් ඇමතිගේ අයවැය තේරුම් ගත නොහැකි බවයි.
මේ අතර, මෙවර අයවැය අනාගතය ඉලක්ක කර ගනිමින් ඉදිරිපත් කළ අයවැයක් බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සදහන් කළා.
උපුටාගැනීම
Post a Comment