The True Story of the Incident Where It was Stated that Harin Misused the “Yahapalanaya’s Money to Party with Women….
හරීන් කාන්තාවන් එක්ක ක්ලබ් ගිහින්
බෝතල් පාටි දැම්මයි කියන සිද්ධියේ
ඇත්ත කතාව - Photos
හරීන් ප්‍රනාන්දු මහතා හා මිතුර මිතුරියන් කිහිපදෙනෙකු සමඟින් උත්සවයකට සහභාගී වූ අවස්ථාවක ඡායාරූප කිහිපයක් පසුගිය දිනෙක ෆේස්බුක් ඔස්සේ හුවමාරු වුනා. එය මුලින්ම පළවී තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතී ෆේස්බුක් පිටුවකයි. එහි දැක්වුණේ හරීන් ප්‍රනාන්දු විසින් ගල්කිස්ස, කටුනායක රාත්‍රී සමාජශාලා වල කාන්තාවන් සමඟින් එක්ව ලක්ෂ ගණන් මුදල් වියදම් කරමින් පාටි දමන බවයි. එහි තවදුරටත් දැක්වුණේ එක් රැයක වියදම ලක්ෂ 6ක් පමණ වනබවයි.
කෙසේ නමුත් මෙම ඡායාරූපවල සත්‍යතාව පිළිබඳව හරීන් ප්‍රනාන්දු මහතා ඔහුගේම ෆේස්බුක් ගිණුමේ ඡායාරූපද පළකරමින් සටහනක් තබා තිබෙනවා.
එහිදී ඔහු පවසා ඇත්තේ අදාල ඡායාරූප මීට වසර 2කට පමණ ඉහතදී උපන්දින සාදයක් පැවති අවස්ථාවක ලබාගත් බවයි. මෙම ඡායාරූප පළකර මිනිසුන් නොමඟ යැවීම පිළිබඳව ලැජ්ජාවන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
එලෙස පලවූ ඡායාරූප හා හරීන් ප්‍රනාන්දු මහතාගේ පිළිතුර සටහන පහතින්....
Post a Comment