Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Full report of Budget-2016  

2016 අයවැයෙන් ලැබෙන සහන මෙන්න - 
සම්පූර්ණ ලැයිස්තුව - Full List

ගෑස්, පරිප්පු, අර්තාපල්, ළදරු කිරිපිටි ඇතුළු
අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහතට,

පෞද්ගලික අංශයට සතියට දින 5යි වැඩ, 
දිගන, බදුල්ල සහ පුත්තලම ගුවන් තොටුපළවල්

ලබන වසර සඳහා වූ අයවැය මුදල් අමාත්‍ය රවී කරුණානායක අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. නව රැකියා දස ලක්ෂයක් බිහිකර, රටේ යටිතල පහසුකම් දියුණු කර, ග්‍රාමීය ආර්ථීකය ගොඩනංවා ශක්තිමත් මධ්‍යම පන්තියක් බිහිකිරීම අරමුණු කර ගනිමින් නව අයවැය සකස් කර ඇති බවයි මුදල් අමාත්‍ය රවී කරුණානායක සිය අයවැය කතාව ආරම්භ කරමින් කියා සිටියේ.
 
ශුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම සඳහා අධිකාරියක් පිහිටුවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළා. ඒ, 2016 අයවැය කතාවේ අයවැය යෝජනා ඉදිරිපත් කිරීම ආරම්භ කරමින්.

එසේම, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ණය ලබාදීමට ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනවා. නව කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සකස් කිරීමට ද රජයේ අවධානය යොමුවී ඇති බවයි මුදල් අමාත්‍යවරයා අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් සඳහන් කළේ.
 
සහල් සඳහා ස්ථාවර මිලක් 
කීරි සම්බා 1Kg රුපියල් 50ක්
සම්බා 1Kg රුපියල් 48ක් 
නාඩු 1Kg රුපියල් 38ක් ලෙස ද සහතික මිලක් අයවැයෙන් යෝජනා කෙරෙනවා.
 
එසේම පොහොර සහනාධාරය සුළු පරිමාණ වී ගොවීන්ට හෙක්ටයාරයකට යටත්ව රුපියල් 25,000ක ප්‍රතිපාදනයක් ලෙස ලබාදෙනු ඇති. එළවළු සහ පළතුරු කර්මාන්තය වෙනුවෙන් ආනයනය කරන යන්ත්‍ර සූත්‍ර බදුවලින් නිදහස් කෙරෙනවා. දේශීය කිරිපිටි සඳහා රුපියල් 30ක සහනාධාරයක් ලබාදෙන අතර ඒ අනුව ග්‍රෑම් 400යේ දේශීය කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 325 සිට 295 දක්වා අඩුවන බව මුදල් අමාත්‍යවරයා සදහන් කළා.  
 
ධීවර කර්මාන්තයේ යෙදෙන්නන්ට රුපියල් මිලියනයක රක්ෂණයක් ලබාදීම ද මෙවර අයවැයේ තවත් යෝජනාවක්.
 
ග්‍රාමීය ආර්ථීකය නගා සිටුවීමේ වැඩපිළිවෙල යටතේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ පොකුරු ගම්මාන ලෙස ක්‍රියාත්මක කෙරෙන අතර, සංවර්ධන කටයුතු වෙනුවෙන් එක් ගමකට වෙන් කෙරෙන මුදල රුපියල් මිලියන 1500ක්.
 
එසේම රත්‍රං ආනයනයේදී පනවා ඇති බදු ඉවත් කෙරෙන අතර ඒ සඳහා බලපත්‍ර 50ක් ලබාදීමට අයවැයෙන් යෝජනා කෙරෙනවා. විදේශිකයින්ට මෙරට ඉඩම් පැවරීමේදී අය කෙරෙන බදු ඉවත් කිරීම ද තවත් එක් යෝජනාවක්. සුපිරි බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කෙරෙන අතර, අඩු ආදායම්ලාභීන් සඳහා ඉදිරි වසර 5 තුළ නිවාස ලක්ෂයක් ඉදිකිරීමට සැලසුම් කරනවා.
 
දොඹකර සහ කොන්ක්‍රීට් මිශ්‍රන යන්ත්‍රවලට අදාළව පනවා ඇති ආනයන බදු ඉවත් කෙරෙන අතර ඉදිකිරීම් කර්මාන්තය සඳහා පුහුණුවන්නන්ට රුපියල් දස දහසක මාසික දීමනාවක් ලබාදීමට ද අයවැයෙන් යෝජිතයි. වානේ, ටයිල් සහ සනීපාරක්ෂක උපකරණවලට අදාළ ආනයන බදු පහත දැමෙනවා. ඇඟලූම්, පාවහන් සහ විදුලි උපකරණ ඇතුළු තවත් භාණ්ඩ 15ක ආනයන බදු ඉවත් කෙරෙන අතර බැංකු අණකර ගාස්තුව රුපියල් 250 සිට 150 දක්වා අඩු කෙරෙනවා.
 
දිවිනැගුම අරමුදල සහ ජාතික ඉදිකිරිමේ බැංකුව ඒකාබද්ධ කිරීමට ද මුදල් අමාත්‍යවරයා ලබන වසර සඳහා වූ අයවැයෙන් යෝජනා කළා. එසේම දේශීය පෞද්ගලික බැංකු විදේශ රටවල ශාඛා ඇරඹීමේදී සහන ලබාදීමට ද නියමිතයි.  එසේම රජයට කරන සියලූ ගෙවීම් සඳහා වෙනම ගිණුමක් ස්ථාපිත කෙරෙනවා.
 
කොටස් වෙළදපළ වර්ධනය කර ගැනීම සඳහා එහි නියාමන පනත සංශෝධනය කිරිමට ද අයවැයෙන් යෝජනා කරනවා. එසේම බැදුම්කර නිෂ්කාශන කටයුතු වෙනුවෙන් වෙනම ආයතනයක් පිහිටුවීමට ද එමගින් යෝජිතයි.
--------------------
ගෑස් 150කින් පහතට. - සූදු ව්‍යාපාර වලට මිලියන 400ක බද්දක්.
 
මුද්‍රිත පොත් සහ සඟරා සඳහා ආනයන බදු සම්පූර්ණයෙන්ම ඉවත් කෙරෙන අතර, විශ්වවිද්‍යාල සිසුන්ට ලැප්ටොප් පරිඝනක මිලදී ගැනීමට ණය මුදලක් ලබාදෙනු ඇති. එසේම මාළඹේ ‘‘මහපොළ‘‘ නමින් නව විශ්වවිද්‍යාලයක් පිහිටුවන බව ද මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. අධ්‍යාපනය සඳහා වෙන් කෙරෙන මුදල් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා කරුණු දැක්වූ අවස්ථාවේදී විපක්ෂ මන්ත්‍රීවරුන් ද විවිධ ප්‍රශ්න යොමු කළා. එම අවස්ථාවේදී ඇති වුණේ සංවාදාත්මක තත්ත්වයක්.
 
වයෝවෘද්ධ පුද්ගලයන් පිළිබඳ ජාතික කවුන්සිලයක් පිහිටුවීමට ද මෙවර අයවැයෙන් යෝජනා කර තිඛෙනවා. දැනට පවතින පොලිස් ස්ථාන සංඛ්‍යාව 428 සිට 600 දක්වා වැඩි කෙරෙනු ඇති.
 
දිගන, බදුල්ල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල නව අභ්‍යන්තර ගුවන් තොටුපළ ඉදිකිරීම ද මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවක්.
 
තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහත දැමෙන අතර අර්තාපල් සහ ලොකු ළුෑණු මත පනවා ඇති විශේෂ වෙළද භාණ්ඩ බද්ද රුපියල් 25කින් අඩු කෙරෙනවා.
 
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩු කෙරෙන අතර, භූමි තෙල් ලීටරයක මිල ද රුපියල් 10කින් අඩු කිරීමට යෝජිතයි.
ඒ අනුව අර්තාපල් සහ ලොකු ළූණු බදු රුපියල් 25න් පහළ යන අතර හාල්මැස්සන් කිලෝව 410ක් වනවා.  ළදරු කිරිපිටි මිල රුපියල් 100 කින් අඩුකරන අතර පරිප්පු කිලෝවක මිල රුපියල් 169 ක් වනවා. කඩල කිලෝවක් 160ක මිලක් වන අතර 12.5KG- ගෑස්  රුපියල් 150කින් අඩුවනවා.  භූමිතෙල් මිල රුපියල් 10 කින් පහළ යන අතර ග්‍රෑම් 425 ටින් මාළු රුපියල් 125 දක්වා පහල දැමීමට තීරණය කර තිබෙනවා.

  ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථ ගෙන්වීම නැවතීමේ අවදානමක්
අයවැය මගින් පැනවූ නව බදු හේතුවෙන් ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථ ආනයනය නැවතීමේ අවදානමක් මතුව ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා. එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ ප්‍රකාශ කළේ ඉලෙක්ටි‍්‍රක් හෙවත් විද්‍යුත් මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 25 කින් පමණ ඉහළ යනු ඇති බවයි. වෑන් රථයක් ලක්ෂ 25 කින් පමණද ඉහළ යනු ඇති බව ඔහු සඳහන් කළා. අයවැය බදු අනුව දෙමුහුන් හෙවත් හයිබ්‍රිඞ් මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 4 කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනවා. එසේම බඞී වෑන් රථවල මිල රුපියල් ලක්ෂ 6 ත් 10 ත් අතර මිලකින් වැඩිවනු ඇති බව සඳහන්. මරුති වැනි කුඩා මෝටර් රථවල මිල රුපියල් ලක්ෂ 2 කින් ඉහළ දැමීමට සිදුවනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ අදහසයි. ත්‍රිරෝද රථයක මිල ද රුපියල් ලක්ෂ එකහමාරකින් පමණ ඉහළ යෑමට නියමිත අතර, යතුරුපැදි මිල වෙනස් වන්නේ නැහැ.

කෙසේ වෙතත් විද්‍යුත් මෝටර් රථ ආනයනයේදී මෙතෙක් සියයට 5 ක් ව පැවති බද්ද සියයට 50 දක්වා ඉහළ නංවා ඇති අතර, ඒ අනුව අදාළ මෝටර් රථ ආනයනය නැවැත්වීමට හෝ සීමා කිරීමට සිදුවන බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ අදහසයි.
  මෝටර් රථ මිල ලක්ෂයේ සිට ලක්ෂ 25කින් වැඩිවෙයි?
නව රජයේ අයවැය යෝජනා අනුව - මෝටර් රථ මිල ලක්ෂයේ සිට ලක්ෂ 25කින් වැඩිවීමේ අවදානම උද්ගතව ඇති බව වාහන ආනයනකරුවන් පවසයි. 
ඒ අනුව එම මිල  ඉහළ  යාමේ ප්‍රමාණයන් දක්වා ඇත. 

විද්‍යුත් මෝටර් රථයක් ලක්ෂ 25කින් 
මිනි කැබ්  ලක්ෂ 10කින් 
හයිබ්‍රිඩ් මෝටර් රථයක් ලක්ෂ 4කින් 
මරුටි මෝටර් රථයක් ලක්ෂ 2කින් 
ත්‍රිරෝද රථයක්  ලක්ෂයකින්.

අයවැය යෝජනාවෙහි රථවාහන පිළිබඳ මෙවැන්නක්ද අඩංගු වූවා.

  - අයවැය දෙවනවර කියවීම
විසර්ජන පනත්කෙටුම්පත 2016 දෙවනවර කියවීමේ විවාදය කල්දැමීම සිදුවුණා. විවාදය කල්තැබිය යුතු යැයි මහාමාර්ග හා විශ්වවිද්‍යාල අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යෝජනා කළා.  ඒ අනුව නොවැම්බර් 26 වන බ්‍රහස්පතින්දා මධ්‍යහන 12 ට හෝ ඊට ප්‍රථම - සියලු සංශෝධන - පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත බාරදිය යුතු බව කතානායක වරයා සභාගර්භ‍යේදී පැවසුවා.
  අය- වැය යෝජනා ඉදිරිපත් කිරීම අවසන්
  සැමට ප්‍රතිලාභය උදෙසා අය- වැය යෝජනා ඉදිරිපත් කළ බව ඇමති රවී කියයි.
  - 2018 දී ඇස්බැස්ටස්වලින් තොර රටක්
  - උළු නිෂ්පාදනය දිරිගැනිවීමට අර්ධ බදු විරාමයක්
  - ජල ආශ්‍රිත ප්‍රවාහනය සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කරයි
  අනවසර මත්පැන් වැළක්වීමට විවිධ යෝජනා
  බදු දිරිගැන්වීම් යෝජනා
  - කැසිනෝ බද්ද මිලියන 400 දක්වා වැඩිකරයි
  - බදු ක්‍රමය සරල කිරීම
කොටස් ගණුදෙනු බද්ද, ඉදිකිරීම් කර්මාන්ත ඇපකර බද්ද, සුඛෝපබෝගී මෝටර් රථ බද්ද, සංචාරක සංවර්ධන බද්ද, සංස්ථාපික ආදායම් බද්ද සරල කෙරේ 
  - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැකියා වර්ධනයට රුපියල් මිලියන 50ක්
  - හාල් මැස්සන් කිලෝවක උපරිම මිළ රුපියල් 418 ක් ලෙස යෝජනා කෙරේ
  ග්‍රෑම් 425 ටින් මාළු රුපියල් 125 දක්වා පහලට
  - භූමිතෙල් මිල රුපියල් 10 කින් පහලට
  12.5Kg- ගෑස් 150කින් අඩුවෙයි
  - කඩල කිලෝවක් 160
  - පරිප්පු කිලෝව 169
  - ළදරු කිරිපිටි මිල රුපියල් 100 කින් අඩුකරයි
   හාල්මැස්සන් 410 යි
  අර්තාපල් සහ ලොකු ළූණු බදු රුපියල් 25න් පහළට
  - විදේශ රැකියා
පුහුණු හා නුපුහුණු ශ්‍රමිකයන්ට ඇ.ඩො 300 ක වැටුපක් නියමකරන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශයට යෝජනා
  - කැලණිවැලි දුම්රිය මාර්ගය නවීකරණයට රුපියල් මිලියන 1500
  - ETF සහ EPF එකඟතාවයකින් පසු ඒකාබද්ධ කිරීමට යෝජනා
  - 2016 ජනවාරියේ සිට රාජ්‍ය අංශයට බැඳෙන පුද්ගලයින් සඳහා විශ්‍රාම වැටුපක්
  - දේශීය වෛද්‍ය කර්මාන්තය නගා සිටුවීමට සහ ඒ සඳහා සහනදායී මූල්‍ය පහසුකම් ලබාදීමටත් යෝජනා
  - මත්තල ගුවන්තොටුපල ගුවන්භාණ්ඩ මෙහෙයුම් කේන්ද්‍රස්ථානයක් බවට පතිකිරීමට පියවර
  - සිවිල් ගුවන් සේවය, දිගන බදුල්ල සහ පුත්තලම යන ප්‍රදේශවල අභ්‍යන්තර ගුවන් තොටුපලවල් 3 ක් ආරම්භ කිරීමට තීරණය කර ඇත
  - රජයට කරන ගෙවීම් සඳහා වෙනම ගිණුමක්....
  - දිවයිනේ පොලිස් ස්ථාන 600 දක්වා ඉහල නැංවීමට පියවර
  - අධිවේගී මාර්ග කළමණා කිරීමට විශේෂ ඒකකයක්
  - නල්ලූර් සහ මහනුවරට පිළිකා රෝහල්
  - පොලිස් සේවයේ වැටුප් විෂමතා වසර දෙකකින් ඉවතට
  - අනුරාධපුර යාපනය රෝහල් නවීකරණට කිරීමට රුපියල් මි 3000 ක්
  ශ්‍රී ලංකාවේ වයිෆයි කලාපයන් පිහිටුවීමට රුපියල් මිලියන 3000ක්
  - විශ්ව විද්‍යාලවලට බඳවාගැනීමේදී ක්‍රීඩා දක්ෂතාවලට අතිරේක ලකුණු
  - මාලඹේ මහපොළ විශ්ව විද්‍යාලය නමින් නව විශ්ව විද්‍යාලයක් ඇති කිරීමට යෝජනා
  - විශ්ව විද්‍යාල සිසුන්ට ලැප්ටොප් ගැනීම සඳහා මූල්‍ය සහනයක්
  - කිලිනොච්චියට සහ වව්නියාවට කෘෂිකර්ම පීඨ ඇතිකිරීමට යෝජනා
  - විශ්ව විද්‍යාල ප්‍රතිපාදනය සඳහා 15% කින් ආයෝජන වැඩිකරනවා
  - විශ්ව විද්‍යාල සිසුන්ට අධාපනය අවසන් වනතෙක්ම නේවාසිකාගාර පහසුකම් සැලසීමට යෝජනා
  - මුද්‍රිත පොත් සහ සඟරා සඳහා ආනයන බදු සම්පූර්ණයෙන්ම ඉවතට
  ප්‍රාදේශීය ග්‍රාමීය පාසල් ස‍දහා විද්‍යාව , ගණිතය, තොරතුරු තාක්ෂණය , ඉංග්‍රීසි ඉගැන්වීම ස‍දහා ගුරුවරුන් විධිමත්ව අනුයුක්ත කිරීමට උත්සාහ කරනු වස් අමාත්‍යාංශ විසින් නිශ්චිත කාලරාමුවක් සහිතව සැලැස්මක්
  - පාසැල් නිළඇඳුම් සැපයිමට වවුචර් ක්‍රමයක් 2016 හඳුන්වා දෙනු ලබනවා
  - පාසැල්වල පන්තියක සිටින ළමුන් ගණන 35 ක් කිරීමට යොජනා
  - සියලුම පාසැල්වල ජල සහ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට රු මිලියන 2500 ක්
  - අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වර්ධනය කිරීමට ගුරුවරුන්ට අඛණ්ඩව ගුරු පුහුණුව ලබාදීමට වැඩසටහන්
  - ප්‍රාථමික පාසැල් සංවර්ධනයට රු මි 10000
  - සියලුම සේවකයින් සඳහා වැටුප් ගිණුමක්
  - පුද්ගලික අංශයේ සේවකයින්ට රුපියල් 2500ක වැටුප් වැඩි කිරීමට යෝජනාවක්
  - පුද්ගලික අංශයේ සේවකයින්ට දින 5 ක් වැඩකිරීමට යෝජනා
  - ත්‍රී රෝද රථ හා යතුරුපැදි සඳහා තක්සේරු ගාස්තුව රුපියල් 2500 ක් කිරීමට යෝජනා කරයි
  - ඇඟළුම්, පාවහන් හා විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ 15 ක ආනයනික බදු ඉවතට
  - ගාලු කොටුව සංවර්ධනය සඳහා මිලියන 500ක වෙන් කරයි
  - පාසල්වලට ඇතුළත්වන සියලුම ළමයින් වෙනුවෙන් රු 250 ක ඉතිරි කිරීමේ ගිණුම් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස බැංකුවලින් ඉල්ලා සිටිනවා
  - කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ අන්තර්ජාතික මූල්‍ය කේන්ද්‍රස්ථානයක් පිහිටුවන්නට පියවර
  - රජය සම්බන්ධයෙන් කටයුතු කරන අවස්ථාවේදී රජය වෙනුවෙන් වෙනම ගිණුමක් මගින් රජයට ගෙවිය යුතු සියලු ගෙවීම් සිදුකිරීමට යෝජනා
  - සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් තරුණ තරුණියන්ට පුහුණු පාඨමාලා ඇතිකිරීමට යෝජනා
  - සංචාරක කර්මාන්තය වෙනුවෙන් දකුණු ආසියාවේ භාණ්ඩ මිලට ගැනීමේ පාරාදීසයක් ලෙස ශ්‍රී ලංකාව ඉහල නැංවීමට කටයුතු කිරීමට යෝජනා
  - ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වූ අමුද්‍රව්‍ය, හිඟයකින් තොරව ලබා දීමේ අරමුණින් ගැඹුරු මුහුදේ වැලි පිරිසිදු කිරීමේ යන්ත්‍ර ගෙන්වීම සඳහා පුද්ගලික අංශයට දිරි ගැන්වීම්
  - සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් පුළුල් ප්‍රචාරයක් ලබාදීමට කටයුතු කරනවා
  - සුර්ය බලශක්තිය සඳහා ජනතාව උනන්දු කිරීමේ වැඩසටහනක් යෝජනා කරයි
  - දොඹකර සහ ක්‍රොන්ක්‍රීට් යන්ත්‍ර සඳහා ආනයන බද්ද ඉවතට
  ඉඩම් සංවර්ධන අඥා පනත යටතේ වසර 10ක් සිටියානම් ස්වර්ණ භූමි, ජය භූමි දීමනා යටතේ සහ බලපත්‍ර ඉඩම්වල ඉඩම් හිමිකම ස‍දහා අවශ්‍ය නිති සකසනු ලබනවා
  - විදේශිකයින්ට ලබාදීඇති ඉඩම් සියළුම බදු වලින් නිදහස් කිරීමට යොජනා
  - ග්‍රාමීය නිවාස ආරම්භ කිරීමට යෝජනා
  - නිවාස ලක්ෂයක් වසර 5 ක් තුල ඉදිකරනවා
  - භාවිතයට නොගත් රජයේ ඉඩම් නිදහස් කිරීම පියවර ගන්නවා
  - කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමට පියවර
  - ලංකාවේ සියලු බැංකු සමඟ වියදම් කටයුතු ඩිජිටල් ආකාරයෙන් කිරීමට පහසුකම්
  - ජනවාරියේ සිට ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වා දීමට කටයුතු කරනවා
  රන් කර්මාන්තය
රත්‍රං මත බදු පැනවීම සුදුසු නැහැ.  ඒ අනුව ආනයන බදු අයකිරීමට අමතරව රත්‍රං ආනයනය ස‍දහා බලපත්‍ර 50ක් මහබැංකු තුළින් නිකුත්කිරීමට ශ්‍රි ලංකා මහ බැංකුව  යෝජනා කරනවා. මෙවැනි බලපත්‍රයක් නොමැතිව කිසිදු රත්‍රං වෙළදාමක් කිරීමට අවසර නැත.
  - සියළුම රජයේ ගොඩනැගිලි තාක්ෂණික ගත කිරීමට යොජනා
  - වව්නියාවේ නව ආර්ථික කලාපයක් ඇති කරනවා
  විසිතුරු මත්ස්‍ය කර්මාන්තය
මත්ස්‍ය කර්මාන්ත ආරම්භ කරන අයට ණය පහසුකම් ලබාදීමට යෝජනා කරනවා
  - ශුද්ධ මූල්‍ය ආයතන නියාමනයට අධිකාරියක්
ශුද්ධ මූල්‍ය ආයතන නියාමනය සඳහා අධිකාරියක් පිහිටුවන බව අයවැය කතාවේ අයවැය යෝජනා ඉදිරිපත් කිරීම ආරම්භ කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක ප‍්‍රකාශ කළා. 

ඒ අනුව, සියලූම ශුද්ධ මූල්‍ය ආයතන යෝජිත අධිකාරියේ වාර්ෂික ගාස්තුවක් ගෙවා ලියාපදිංචි විය යුතුයි.

කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ද  අමාත්‍යවරයා  පවසයි.
  - මැණික් හා ස්වර්ණාභරනය ඉහල නැංවීමට පුහුණු ආයතන විසින් පුහුණු කරන්නන්ගේ පාඨමාලා උසස් කරණවා
  - කුඩා වැවි , ඇලවල් ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 2000
  පොල් කර්මාන්තය
පොල් නිෂ්පාදන  වැඩසටහන ස‍දහා  මිලියන 250ක්  යෝජනා කරනවා
  - කෘෂිකර්ම ව්‍යවසායන් පිහිටුවනු ඇත
  - පුවක් එකතුකිරීමේ කලාප පිහිටුවීමට යෝජනා
  - තේ නිෂ්පාදනයට ඉහල නැංවීමට තේ ආනයන නීති ලිහිල් කිරීම
  - වැවිලි ආර්ථිකය ඉහල නැංවීමට ප්‍රාදේශීය වැවිලි සමාගම් කොටස් වෙළඳපොලට
  - දේශීය මතස්‍යය නිෂ්පාදනය ඉහල නැංවීම සඳහා වරායන් හට නවීන තාක්ෂණය එක්කිරීමට යෝජනා
  - ධීවරයින්ට රු මිලියනයක රක්ෂණ ක්‍රමයක්
  - දේශීය කිරි නිෂ්පාදනය ඉහල නැංවීම සඳහා 400g කිරිපිටි පැකට්ටුවක් රු 320 සිට 295 දක්වා අඩුකිරීමට යෝජනා
  - පළතුරු ටින් කිරීමේ කර්මාන්තය වැඩිදියුණු කරන්න 50% ණය පොලී සහනයක්
  - පොහොර සහනාධාරය සුළුපරිමාණ ගොවීන්ට පමණක් ලබාදෙනවා
නාඩු කිලෝ එකක් සඳහා රුපියල් 38 ක් මෙන්ම කීරි සම්බා කිලෝවකට 50ක මිලක්
  - වී වලට සහතික මිලක්
  - සුළු හා මධ්‍යම පරිමාණ ස‍දහා අවශ්‍ය ප්‍රාග්ධන සැලසුම ස‍දහා බැංකු රක්ෂණ සමාගම් , සේවක අර්ථ සාධක අරමුදල , සහ විදේශ අරමුදල් ඇති කරමින් ව්‍යාපාර ප්‍රාග්ධන ප්‍රවේශයන් ආරම්භ කිරීමට යෝජනා කරනවා.
කෘෂිකාර්මික යන්ත්‍ර ගෙන්වීමේදී ආනයන බදු ඉවතට
  - නව කෘෂිකර්ම ප්‍රතිපත්තියක්
  - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නිශ්පාදන අලෙවිකරගැනීමට සුපිරි වෙළඳසැල් සහ සිල්ලර වෙළඳ සැල්වලින් සාධාරණ මිලක් ලබාදීමට පියවර
  - නව ආර්ථික ගමන්ම‍ග
රටේ අනාගත ආර්ථික මෙන්ම සමාජීය සංවර්ධනය වෙනුවෙන් කටයුතුකීරීමට වගකීමක් තියනවා
  - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවශ්‍ය උපදේශක සේවා
  - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සඳහා අවශ්‍ය ස්කන්ධ ප්‍රාග්ධන පහසුකම්
  - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය ආරක්ෂණ වැඩපිලිවෙලක්
  අයවැය යෝජනා
  - පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක්
  - පරිසර හිතකාමී ලෙස බලශත්කි යොදාගැනීමට පියවර
  තරුණයන් අතර ඇති සේවා වියුක්තිය සහ ඌණ සේවා නියුක්තිය අඩුකරලීමට ඉවහල්වන ආකාරයෙන් උපාධිධාරීන්ගේ දක්ෂතා හා ශ්‍රම වෙළදපොල ඉල්ලීම අතර ඒ අසමතුලිතා නැති කිරීමට අවශ්‍ය පියවර ගන්නවා
  - නාගරික ප්‍රදේශවල පවතින වාහන තදබදය අවම කිරීමට පියවර
  - හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාසගේ සංකල්පයෙන් යළිත් ජනතාවට නිවාස
  - නිධංගත වකුගඩු , පිළිකා රෝග, ඩෙංගු උවදුර තුරන් කිරීමට පියවර
  - ආර්ථික ව්‍යසනය පිටාර ගැලීමට ඔන්න මෙන්න
ආර්ථික ව්‍යසනයේ තත්ත්වය පිටාර ගැලීමට ආසන්නව  තිබුණා. එබැවින් අයවැය යෝජනා සකස් කරගැනීමට විශාල වෙහෙසක්.
  - පුණරාවර්තන වියදම් අඩුකරනවා
  - ශුන්‍ය අයවැය - ආර්ථික අයවැය ට
ආර්ථික අයවැය සකස් කිරීමට ශුන්‍ය අයවැය සංකල්පය යොදා ගත්තා 
  - පසුගිය රජය මූල්‍ය ප්‍රතිපාදන වැඩිපුර යොදවලා තිබුණේ මහාමාර්ග අධිවේගී මාර්ග සහ වරායවල් ගොඩ නැංවීමටයි.
  - මහින්ද රජයෙන් බොහෝ 'පාඩම්'
  - පැවති රජයේ 'දායාදයක්'
සමාජයේ නොයකෙුත් අංශයන්වල විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදුවුණේ නව රජයටයි.  
  - බදු ආදායම
ඕනෑම රජයක මූල්‍ය ක්‍රමයේ ශක්තිය පදනම් වී තිබෙන්නේ සැලසුම්සහගත හා අවශ්‍ය වියදම් පියවීමට සරිලන ආදායම් ඉපයීමේ හැකියාව මතයි.
  - පසුගිය රජය බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ මූලධර්ම මත පිහිටාද ?
  - නොවිසඳුණු ගැටළු රාශියක්
  ​ කෘෂිකර්මය මත පදනම් ආර්ථිකයට ජනපතිගේ ගොවි පරපුර
කෘෂිකර්මය මත පදනම් මෙරට ආර්ථික පදනමට ගොවි පරපුරෙන් පැවත එන  ජනපති මෛත්‍රීගේ වැඩපිළිවෙළින් කෘෂි ආර්ථිකයෙන් සුරක්ෂිත වනවා පමණක් නොව යළිත් ආසියාවේ ධාන්‍යාගාරයක් ලෙස මෙරට පත්කළ හැකියි 
  ඉඩම්, නිවාස හා සෞඛ්‍ය අංශ කෙරෙහි විශේෂ අවධානයක්
  ජාත්‍යන්තර වෙළඳ පළ හා ආයෝජන ප්‍රවර්ධනට - යෝජිත ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් - ශ්‍රී ලංකාවේ නිපුණත්වය ගොඩනැංවිය යුතුයි
  පසුගිය රජයේ අගතිගාමී දෝෂ සහගත ආර්ථික කළමනාකරණයක් දක්නට ලැබුණා.
  ප්‍රතිපත්ති සම්පාදනය කර වෙළඳපොළ නිදහසේ ක්‍රියාත්මක වීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකරන බව මුදල් ඇමැතිවරයා පවසයි.
  දිගුකාලීන ප්‍රතිඵල ගෙන දෙන වැදගත් ආර්ථික අඩිතාලමක්
  ප්‍රතිපත්ති ප්‍රකාශනය අයවැයේ පදනමයි
  ජාතිය - ගුණයෙන් හා යහපැවැත්මෙන් ඉදිරියට යාමට අනාගත පරපුරට ප්‍රතිලාභ භුක්ති විඳිය හැකි ආර්ථිකයක් සකස් කිරීම රජයේ අරමුණයි
  පසුගිය මාස 10 තුළ ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන හා ආර්ථිකයේ විශාල වෙනසක් - මුදල් අමාත්‍ය රවී කරුණානායක
  මුදල් අමාත්‍යවරයා කතාව ආරම්භ කරයි
  මුදල් අමාත්‍යවරයාගේ පැමිණීම
  කථානායකවරයා සභා ගර්භයට පැමිණෙයි
  අය - වැය දෙවන වර කියවීම හෙවත් මුදල් අමාත්‍යවරයා විසින් අය - වැය ඉදිරිපත් කිරීමට තව ඇත්තේ ටික වේලාවක්
  ඔක්තෝබර් 23 ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත 2016 අයවැය පළමු වර කියවීමයි
  අඩුම වැය ශීර්ෂ
සංචාරක සහ ක්‍රිස්තියානු කටයුතු, දක්ෂිණ සංවර්ධන සහ ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන යන අමාත්‍යාංශවලට
  පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට බිලියන 237ක්
  සෞඛ්‍ය අමාත්‍යාංශයට බිලියන 174ක්
  අධ්‍යාපන වැය ශීර්ෂය 4 ගුණයකින් ඉහළට
පසුගිය වසරේදී බිලියන 47.6ක් වූ අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂය මෙවර බිලියන 185 දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්  
  ලබන වසරේ ආරක්ෂක වැය ශීර්ෂය බිලියන 306යි
එය පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 21කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේදී රුපියල් බිලියන 285ක් ආරක්ෂක වැය ශීර්ෂයට වෙන් වුණු අතර මෙවර එහි අගය බිලියන 306ක්.
  ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය බිලියන 2.3යි
මෙවර ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය බිලියන 2.3ක් ලෙස දැක්වෙන අතර, එය පසුගිය වසරේදී බිලියන 9.6ක් ලෙස සටහන් වුණා.
  විශේෂ වැය ශීර්ෂ - මුළු වියදම - රුපියල් බිලියන 112ක්
ඊට ජනාධිපති කාර්යාල, අගමැති කාර්යාල, අමාත්‍ය මණ්ඩල කාර්යාල, පාර්ලිමේන්තුව, විපක්ෂ නායක කාර්යාලය, අල්ලස් කොමිසම, මානව හිමිකම් කොමිසම, මැතිවරණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් ඇතුළත්. 
  වැඩිම පුනරාවර්තන වියදම්
ලබන වසර සඳහා  විසර්ජන පනත් කෙටුම්පත අනුව රජයේ මුළු වියදමෙන්   සියයට 67කට වැඩි ප්‍රමාණයක් පුනරාවර්තන වියදම්. 
  2016 වසර සඳහා අය- වැය විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් මස 23 - පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඒ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින්.
  ලබන වසරේ රජයේ වියදම - රුපියල් කෝටි එක්ලක්ෂ අනූ හතර දහස් සියයක් ලෙසට ඇස්තමේන්තු ගත කර තිබෙනවා.
  අයවැය අද පස්වරු 2ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින්.
  අය-වැයට කැබිනට් අනුමැතිය
සම්මුතිවාදී ආණ්ඩුවේ මංගල අයවැය යෝජනාවලියට කැබිනට් මංඩලයේ අනුමැතිය හිමිවෙයි.   අනුමැතිය ලබාගැනීමේ විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් පැවත්වුණා.
   සම්මුතිවාදී ආණ්ඩුවේ මංගල අයවැයට අනුමැතිය ලබාගැනීමේ විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ වූවා.
  ප්‍රතිලාභ රැසක්
මෙවර අයවැයෙන් ජනතාවට ප්‍රතිලාභ රැසක් හිමිවන බවයි මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළේ. අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන සම්මුතිවාදී ආණ්ඩුවේ පළමු අයවැය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ බව සඳහන් කළා.
   පංචවිධ ක්‍රියාවලියක් මත පදනම්වන අය-වැයක්
පසුගිය ජනවාරි 8 වනදා ජනාධිපතිවරණයෙන් පසු පැවති ආණ්ඩුව දින 100 වැඩපිළිවෙල සඳහා අතුරු අයවැයක් ඉදිරිපත් කළා. නව සම්මුතිවාදී ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරනු ලැබුවා. පංචවිධ ක්‍රියාවලියක් එහිදී ප්‍රකාශයට පත් කෙරුණු අතර මුදල් අමාත්‍යවරයා අද ඉදිරිපත් කරන අයවැය එම වැඩපිළිවෙල මත පදනම් වනු ඇති.
   අගෝස්තු 17 වනදා පැවති මහමැතිවරණයෙන් පසු බිහි වූ සම්මුතිවාදී ආණ්ඩුවේ මංගල අයවැය අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.
  යහපාලන නව රජයේ මංගල අය- වැය පස්වරු 2.00 සිට සජීවීව බලාපොරොත්තුවන්න.....

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels