Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

A Racket of giving away Three-Wheelers for Rs.38, 400 exposed - Audio  

38,400ට ත්‍රීවිල් දෙනවැයි කියා 
මිනිසුන් රවටන සල්ලාල වංචාකාරයාගේ 
ජඩ වැඩ මාට්ටු - Audio


ගජබා රෙජිමේන්තුවේ සුපර් ක්‍රොස් ලොතරැයියකින්
දිනුමක් තියෙන බවත් කියලා
වැඩේ මාට්ටු වුණාම අසැබි වචනවලිනුත් බැනලා - දුරකථන සංවාදය සහිතයි


රුපියල් සත වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් කිරීමට උත්සාහ ගන්නා මිනිසුන් වර්තමානයේ ඕනෑ තරම්. එවන් වංචනිකයින් බහුතරයක් නීතියෙන් පවා රිංගා ගොස් අසරණ දුප්පතුන් සිය ගොදුර බවට පත්කරගන්නවා. අප මේ හෙළිකිරීමට යන්නේ එවන් තවත් එක් වංචනිකයෙකු පිළිබඳවයි. 

මොහු නොයකුත් නම් වලින් පෙනී සිටින්නේ ව්‍යාජ ලෙස සාදාගත්‘‘General Motors‘‘ නම් ආයතනයේ කළමණාකරු තමන් බව කියාගනිමින්. මොහු ඈත දුෂ්කර ගම්මානවල පුද්ගලයින්ට ත්‍රී රෝද රථයක් දිනාගෙන ඇති බව ලිපි මගින් දැනුම් දෙනවා. 

ඒ පිළිබඳ විමසීමට ලබා දී ඇති දුරකථන අංකවලට කතාකළ විට ඔහු පවසන්නේ රථය ලබාගැනීමට නම් පැය භාගයක් ඇතුලත ලියාපදිංචි ගාස්තු ලෙස රුපියල් 38,400ක මුදලක් ගෙවිය යුතු බවයි. 

එසේ නොවුනහොත් රථය අහිමිවන බවද පවසනවා. මෙම වංචනිකයා පළමුවෙන් ඇමතුම ලබාදෙන පුද්ගලයා සිටින ස්ථානය විමසා, එම පුද්ගලයාට පැයභාගයකින් පැමිණීමට නොහැකි ප්‍රදේශයක තමන්ගේ කාර්යාලය ඇති බව පවසනවා. 


ඔහු සඳහන් කළ ස්ථාන පිළිබඳව සොයා බැලූ අපට ඒවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු වුණා.මෙම වංචනිකයා පුන පුනා පවසන්නේ මෙය රණවිරු අධිකාරියේ - ගජබා රෙජිමේන්තුවේ වලවේ සුපර් ක්‍රොස් නැමැති ලොතරැයි දිනුම් ඇදීමෙන් ලැබෙනා ත්‍යාගයක් බවයි. මේ හේතුවෙන් අප එවන් ලොතරැයි දිනුම් ඇදීමක් සිදුවෙනවාදැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතාගෙන් විමසා සිටියා. 

එසේම ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් ලලිත් දවුලගල මහතාවද මෙම වංචාව පිළිබඳව දැනුම්වත් කිරීමට පියවර ගත්තා. ඔවුන් දෙදෙනාම එවන් දිනුම් ඇදීමක් හෝ ත්‍රී රෝද රථ ප්‍රදානයක් ගජබා රෙජිමේන්තුවේ සිදු නොවන බව අවධාරණය කළා.

අහිංසක මිනිසුන් මුලාවේ දමනා මෙවන් වංචනිකයින් මෙලෙස නිදැල්ලේ හැසිරෙන්නේ නීතියේ හිඩැස් නිසාදැයි ගැටලුවක් මතුවේ. මොවුන් නීතියට කොටුකරගැනීමට පොලිසිය වහාම ක්‍රියාත්මක වියයුතු බව අපගේ හැඟීමයි.

ඔහු මුදල් බැරකිරීමට යැයි පවසන බැංකු ගිණුම් අංකය - 114254869663

ඔහුගේ දුරකථන අංක
0115717277
0711249147
0779513677
0712192500

ඔහුගේ ආයතනයේ ශාඛා තිබෙනවායැයි පැවසෙන ස්ථානවල ලිපිනයන්,

නො.422, හොරණ පාර, පානදුර
නො.422. කිරිවත්තුඩුව පාර, හෝමාගම
නො 422, දළුගම, කැළණිය

මෙම වංචනිකයා සූක්ෂම ලෙස මිනිසුන් රවටා මුදල් ලබාගැනීමට උත්සාහ කරන ආකාරය පහතින් අහන්න..

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels