උපේක්ෂා ස්වර්ණමාලී යුගදිවියට - Photos
වෙඩින් එක ජනවාරි 24, කොල්ලා ව්‍යාපාරිකයෙක්
‘‘අකලංක එක්ක දැන් විශේෂ යාළුකමක් නෑලු‘‘
සිංහල චිත්‍රපටකරණයට දිනෙන් දින සිනමා සිත්තම් එකතු වෙනවා. ජාත්‍යන්තර සම්මාන රැසක් හිමි කරගත් සුළං කිරිල්ලී අධ්‍යක්ෂණය කළ ඉනෝකා සත්‍යාංගනිගේ නවතම සිනමා සිත්තම වන සින්ඩ්‍රෙල්ලාත් එලෙසින් ලගදීම තිරගත වෙමින් සිංහල චිත්‍රපටකරණයට එකතු වීමට නියමිතයි.
එහෙත් ඉනෝකා මේ දිනවල චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු කරගැනිමට නොහැකිව අර්බුදයකට ලක් වෙලා කියලා ආරංචියි. ඒ එම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කළ උපේක්ෂා ස්වර්ණමාලි හා වෘත්තීයෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වු අකලංක ගණේගම අතර පවතිව අමනාපයයි. මේ අතරේ උපේක්ෂාගේ විවාහයක් ළඟදිම සිද්ධ වෙනවා කියලා ඇය කියනවා.
උපේක්ෂා ඔබගෙයි අකලංකගෙයි අමනාපකම් නිසා චිත්‍රපට අධ්‍යක්ෂිකා ඉනෝකා ප්‍රචාරණ කටයුතු වලදි අර්බුදයකට ලක් වෙලා කියලා ආරංචියි. ඇත්තද මේ කතාව...?
මම නම් ප්‍රචාරණ කටයුතු වලට උපරිමයෙන් සහයෝගය දක්වනවා. අවුරුදු කිහිපයක්ම බලාගෙන හිටියා මේ චිත්‍රපටය තිරගත වෙයි කියලා. ඒත් යම් යම් හේතු නිසා එය තිරගත වෙන්න ප්‍රමාද වුණා. දැන් එය තිරගත කරන්න අවස්ථා ලැබිලා තියෙන්නේ. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන. ඒ නිසා මම කොයි තරම් කාර්යබහුල වුණත් ඒකට අවශ්‍යකරණ ප්‍රචාරණ කටයුතු වලට මම සම්බන්ධ වෙනවා. මගෙන් ප්‍රචාරණ කටයුතු වලට බාධාවක් වෙන්නේ නැහැ.
උපේක්ෂා ඇත්තටම අකලංක එක්ක තරහද...?
අකලංක එක්ක තරහක් නැහැ. විශේෂ යාළුකමකුත් නැහැ දැන්. වෙන කලාකරුවන් ආශ්‍රය කරනවා වගේ කතාබහ කළොත් මමත් කථා කරනවා.
තිබුණු හිතවත්කමට මොකද වුණේ...?
අවංකවම කිව්වොත් චිත්‍රපටය රූගත කරන කාලේ අකලංකව ලගින් ආශ්‍රය කළා. අනේක් නළුවන්ට වඩා. ඒත් යම් යම් හේතු නිසා ඒ බැදීම මිත්‍රකම නැති වුණා. ඒත් මම නම් එයා එක්ක තරහක් නැහැ. ඒ කාලේ ඇත්තටම සුන්දරයි. සුන්දර අත්දැකිම් ලැබුවා.
තරහක් නැත්නම් ඇයි චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු වලට එකට පෙනි ඉන්නේ නැත්තේ...?
අකලංක ප්‍රචාරණ කටයුතු වලට, එකට පෙනී ඉන්න අකමැති ඇයි කියලා නම් මම දන්නේ නැහැ. ඒක අහන්න ඕන එයාගෙන්ම තමයි. එයා කැමති නම් මගෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මම එයා එක්ක චිත්‍රපටයේ රගපෑවා නම් ඒ වැඩවලට එකට සම්බන්ධ වෙන්න බැරිකමකුත් මට නැහැ. අධ්‍යක්ෂිකාව අධීක්ෂණය පැත්තෙන් මහන්සි වුණා වගේම මමත් අකලංකත් රංගනයෙන් උසස් දෙයක් චිත්‍රපටයට ලබා දෙන්න කැප වුණා. ඒක සාර්ථකව තිරගත වෙන්න ඕන නම් අපි දෙන්නත් ප්‍රචාරණ කටයුතු වලට සම්බන්ධ වෙන එක යුතුකමක් කියලයි මම හිතන්නේ.
ආයේමත් දෙන්නාට එකට රගපාන්න අවස්ථාවක් ලැබුණොත් අපහසුතාවයකින් තොරව අකලංක එක්ක රගපානන් උපේක්ෂාට පුළුවන් ඒ කියන්නේ...?
මම රංගන ශිල්පිණියක්. මට ලැබෙන පිටපත මට ගැලපෙනවා නම් මම රගපානවා. නළුවා කවුද කියන එක මට ගැටලූවක් නෙමෙයි.
ඉනෝකා සත්‍යාංගනි කියන්නේ කලාත්මක චිත්‍රපට අධ්‍යක්ෂණය කරන අධ්‍යක්ෂවරියක්. ඇගේ සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටය වෙනස් මානයක් ගන්නවා. එහි කොටස්කරුවෙක් හැටියට එය තිරගත වෙන එක ගැන මොකද හිතෙන්නේ ....?
මේ චිත්‍රපටය රූගත කිරිම් කරලා වසර ගණනාවක් ගත වුණා. මමත් හුගක් ආසාවෙන් බලාගෙන හිටියා එය තිරගත වෙනකල්. ප්‍රමාද වෙලා හරි එය තිරගත වෙන එක ගැන හුගාක් සතුටු වෙනවා. මොකද මම මීට කලින් රගපෑවේ දුප්පත් චරිත. ඒ චරිත දැකලා හුගක් රසිකයින් හිතුවේ මමත් දුප්පත්. මුඩුක්කු ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්න ඇති කියලා. මම වෙනත් රටක ජීවත් වුණ මගේ පවුල් පසුබිම වෙනස් කියලා ඒ අය දන්නේ නැහැ.
මීට පෙර මම රගපෑව චරිත මම රගපෑවා කියලා මට දැනුනේ මට ඒ පරිසරය නුහුරු නිසා වෙන්න ඇති. ඒත් මම සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටයට විශේෂයෙන් කියලා රගපෑවේ නැහැ. මගේ චරිත ස්භාවය ඒ හරහා පෙනුනා කියලා මට හිතෙනවා. ඒ චිත්‍රපටයේ සෑබැවටම මම ගැන කියන්නේ කියලයි මට හිතෙන්නේ. ඒ නිසා මට එය සමීපයි. මගේ ජීවිතේට හුගාක් දැනුනා. ඒ නිසා තිරගතවන තුරු මම ඉන්නේ නොවිසිල්ලෙන්. මට ආදරය කරන ජනතාව මාව කොයි විදිහට පිළිගනිවිද කියලත් එයින් දැන ගන්න පුළුවන්.
මීට පෙර මම රගපෑව චරිත මම රගපෑවා කියලා මට දැනුනේ මට ඒ පරිසරය නුහුරු නිසා වෙන්න ඇති. ඒත් මම සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටයට විශේෂයෙන් කියලා රගපෑවේ නැහැ. මගේ චරිත ස්භාවය ඒ හරහා පෙනුනා කියලා මට හිතෙනවා. ඒ චිත්‍රපටයේ සෑබැවටම මම ගැන කියන්නේ කියලයි මට හිතෙන්නේ. ඒ නිසා මට එය සමීපයි. මගේ ජීවිතේට හුගාක් දැනුනා. ඒ නිසා තිරගතවන තුරු මම ඉන්නේ නොවිසිල්ලෙන්. මට ආදරය කරන ජනතාව මාව කොයි විදිහට පිළිගනිවිද කියලත් එයින් දැන ගන්න පුළුවන්.
පුද්ගලික ජීවිතේ තොරතුරු කොහොමද.. දැන් ආයෙමත් පෙම්වතියක්. විවාහයත් ලගදීම සිදු වෙනවා කියලා ආරංචියි.. ඒක ඇත්තද...?
මගේ ජීවිතේ සතුට දුක බෙදා ගන්න දැන් මට පෙම්වතෙක් ඉන්නවා. එයා දේශපානයටවත් රංගනයටවත් සම්බන්ධ කෙනෙක් නෙමෙයි. එයා ව්‍යාපාරිකයෙක්. මට වඩා ටිකක් වැඩිමහල්. ඒ නිසා මාව තේරුම් අරගෙන ඉන්නේ. ඒක ජීවත් වෙන්න පහසුවක් වේවි. අපි විවාහ වෙනවා ජනවාරි මාසේ 24වෙනිදා. විවාහයට සියලූම දේ ලෑස්තියි. විවාහයට එන අයට ආරාධනා කරන්න විතරයි තියෙන්නේ. මනාළියක් වෙනකල් ආසාවෙන් බලාගෙන ඉන්නවා.
විවාහයත් එක්ක උපේක්ෂා රංගනයෙන්, දේශපාලනයෙන් ඉවත් වෙයිද...?
විවාහ වුණා කියලා කරපු දේවල් වලින් ඉවත් වෙන්න ඕන කියලා මම හිතන්නේ නැහැ. මම මේ කාලය පුරාවට කරපු දේවල් ඒ විදිහටම කරන්න බලාපොරොත්තු වෙනවා. කිසිම දෙයක් මොනම හේතුවක් නිසාවත් මම අතඅරින්නේ නැහැ.
ඒ කියන්නේ ඔබේ පෙම්වතාගෙන් ඔබට නිදහස තියෙනවා කියන එකද....?
ඔව්. එයා මට නීතී දාන කෙනෙක් නෙමෙයි. මට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන කෙනෙක්.
ඒ නිදහස නිසා පවුල් ජීවිතේ ආයේමත් අවුල් වෙයිද....?
මම හිතනවා මට හොද බිරිදක් වෙන්න පුළුවන් කියලා. මම කවදාවත් රංගනයවත් දේශපාලනයවත් පුද්ගලික ජීවිතය එක්ක පටලගත්ත කෙනෙක් නෙමෙයි. ඒක ඉදිරියටත් එහෙමයි.
සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටයේ රූගත කිරීම් අතර ඡායාරූප කිහිපයක් පහතින්...
සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටයේ රූගත කිරීම් අතර ඡායාරූප කිහිපයක් පහතින්...






Post a Comment