Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Over 150 killed in Paris Terror attacks  

ලොවම කළඹමින් ප්‍රංශයේ පැරිස් නුවරට 
නොසිතූ මොහොතක දැවැන්ත 
ත්‍රස්ත ප්‍රහාරයක් - වීඩියෝ

120ක අධික පිරිසක් ඝාතනය කරලා
නගරය පුරා බෝම්බ ප්‍රහාර හා වෙඩි ප්‍රහාර 
රටේ හදිසි තත්වයක්මියගිය අයගේ සිරුරු සීසීකඩ


නොසිතූ මොහොතක ප්‍රංශයේ  පැරිස් අගනුවරට ප්‍රබල ත්‍රස්තවාදී ප්‍රහාරයක්  එල්ලවී තිබෙනවා. වෙඩි ප්‍රහාර මාලාවකින් සහ Stade de France ප්‍රදේශයේ පිපිරීම් කිහිපයක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයින්  120කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එමෙන්ම ප්‍රංශයේ බත්කලාන් රඟහල  අසලදී 15කට අධික ප්‍රමාණයක් ඝාතනයට ලක්කර තිබෙන බවටද වාර්තා වෙනවා.  පැරිස් නගරයට කඩාවැදුණු ත්‍රස්තයින් 100කට ආසන්න පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙසින් රඳවාගෙන සිටින බවද සඳහන්. බත්කලාන් මධ්‍යස්ථානයේ  විශාල පිරිසක් සිට ඇති අතර, පිරිසක් තුවක්කුකරුවන්ගෙන්  මිදී පලාගොස් තිබෙනවා.

අගනුවර Stade de France ප්‍රදේශයේ අවන්හලක් අවට පිපිරීම් කිහිපයක්ද වාර්තා වාර්තා වී තිබෙන අතර භෝජන ශාලාවකට තුවක්කුකරුවකු එල්ල කල වෙඩි ප්‍රහාරවලින් කිහිප දෙනකු තුවාල ලැබා තිබෙනවා.
ත්‍රස්තවාදී ප්‍රහාරයන් සමග රටේ සියලුම දේශසීමා වසා දමන ලෙස ජනාධිපතිවරයා නියෝග කර තිබෙනවා. එමෙන්ම  නිවෙස් තුල රැඳී සිටින ලෙස ජනතාවට දැනුම් දී ඇති අතර ජනාධිපති ප්‍රන්ශුවා ඔලෝන්ද් රටේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.



















0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels