Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Suger control in sri-lanka  

මීට පස්සේ රජයේ තැන්වලයි , 
හෝටල්වලයි තේ කෝප්පයට 
සීනී දාලා දෙන්න බෑ

රජයේ ආයතනවල වැඩමුළු, රැස්වීම් මෙන්ම හෝටල් සහ ආපනශාලාවල සීනි භාවිතය පිළිබඳව විශේෂ චක්‍රලේඛයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (12) නිකුත් කර තිබෙනවා. ඒ අනුව සියලූම රාජ්‍ය ආයතනවල වැඩමුළු, රැස්වීම් සහ උත්සව පවත්වන විට සංග්‍රහ සඳහා තේ, කෝපි සහ කිරි තේ පිළිගන්වන විට ඒවා සීනි රහිතව සකස් කළ යුතුයි. 
සීනි බඳුන සහ තේ හැඳි වෙනමම සපයා පුද්ගලයාට අවශ්‍ය පරිදි සීනි යොදාගැනීමට පහසුකම් සැළසිය යුතු බවද එම චක්‍රලේඛයේ දැක්වෙනවා. එම බදුනෙහි සීනි අඩුවෙන් පරිභෝජනය කර දියවැඩියාව වැනි රෝගවලින් වැළකෙමු යනුවෙන් ස්ටිකර් ඇලවීමට වගබලා ගත යුතු බවද එහි සඳහන් තවත් කරුණක්. 

හෝටල් සහ ආපනශාලාද මෙම ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවයි අදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ. පාසල් ආපනශාලාවල ලූණු සීනි සහ තෙල් අධික ආහාර වර්ග විකිණීම අවම කළ යුතු වනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදීද මේ පිළිබඳව අදහස් පළ වුණා. ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනයේ නියෝජිත, දියවැඩියා හා හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද සඳහන් කළේ වසරකට ශ්‍රී ලාංකිකයෙකු කිලෝග්‍රෑම් 30 ක් සීනි පරිභෝජනයට ගන්නා බව පරීක්ෂණවලදී හෙළි වී ඇති බවයි.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels