කැඩුණු දීගය අමතක කර විරසකව සිටි
සෝමවංශ වීරවංශ
ආයෙත් සෙට්වුණු හැටි - වීඩියෝ
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ ඉන් ඉවත්ව අලූතින් පිහිටුවා ගත් ජනතා සේවක පක්ෂයේ ඉල්මහ විරු සමරුව ඊයේ පැවැත්වුණේ කොළඹ නව නගර ශාලාවේදීයි.
එහි ලේකම් සෝමවංශ අමරසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමරුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ එක්ව සිටියා. ඊයේ පැවති ඉල්මහ විරු සමරුව අමතමින් ජනතා සේවක පක්ෂයේ ලේකම් සෝමවංශ අමරසිංහ සඳහන් කළේ විමල් වීරවංශ සහ තමන්ගේ එක්කිරීම සතුරා විසින් සිදුකර ඇති බවයි.
කෙසේ නමුත්, ජනතා සේවක පක්ෂයේ ඉල්මහ සමරු උළලේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කතාවක් නොපැවැත්වීම විශේෂත්වයක්.
මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ ඉල්මහ විරු සමරුව පක්ෂයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 3.30 ට කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්වෙනවා.
කලක් විරසකව සිටි වීරවංශ සෝමවංශ මෙලෙස නැවත එක්ව සිටීම සම්බන්ධයෙන් මේ වන විට බොහෝ පිරිසක් අතර කතාබහක් ඇතිව තිබෙනවා.
උපුටාගැනීම

Post a Comment