දකුණු මුහුදට වැටෙනවැයි කී
අාකාශ වස්තුව අතුරුදන්
ඉහළ අහසේදී පුපුරා ගියාදැයි සැක
අද දිනයේ රටේ බොහෝ පිරිසක් බලාසිටියේ අප රටේ දකුණු මුහුදට ඔබ්බෙන් පතිතවන්නට තිබූ අකාශ වස්තුව පිළිබඳව දැනගැනීමටයි. කෙසේ නමුත් දකුණු මුහුදු වෙරළට වැටෙන බවට අපේක්ෂා කළ WT1190F අභ්‍යවකාශ අපද්‍රව්‍යය දර්ශනය වූ බවට මෙතෙක් වාර්තා ලැබී නැතැයි ග්‍රහලෝකාගාරය ප්‍රකාශ කළා.
එය අද පෙරවරු 11.49 ට ශ්‍රී ලංකාවේ දකුණුදිග වෙරළට කිලෝමීටර් 65 ක් ඔබ්බෙන් වූ මුහුදට වැටෙනු ඇති බවටයි ඇමෙරිකානු නාසා ආයතනය සහ යුරෝපා අභ්‍යවකාශ ආයතනය අනාවැකි පළ කළේ.
එය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය සහ ආතර්.සී.ක්ලාක් මධ්‍යස්ථානය මෙන්ම ඇමරිකානු නාසා සහ යුරෝපා අභ්‍යවකාශ ආයතන එක්ව සිටියා.
ආකාශ වස්තුව දර්ශනය වූ බවට මෙතෙක් එම විද්‍යාඥයන් තහවුරු කර නැහැ. මෙම ආකාශ වස්තුව පෘථීවි වායුගෝලයට ඇතුළු වීමේදී විනාශ නොවුනහොත් ශ්‍රී ලංකාව අසල මුහුදට පතිත වන බවයි විද්‍යාඥයන් මීට පෙර ප්‍රකාශ කළේ. 1960 සහ 70 දශකවල චන්ද්‍රයා වෙත යවන ලද ඇපලෝ යානයක කොටසක් ලෙසයි මෙය සැළකෙන්නේ.
කෙසේ නමුත්, මෙම අභ්‍යවකාශ අපද්‍රව්‍යයේ සංයුතිය පිළිබඳ මෙතෙක් අවසන් නිගමනයකට එළඹී නැහැ. එය දෘඩ වස්තුවක් නම් යම් අනතුරුදායක බවක් පවතින බවයි තාරකා විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.
මුහුදට වැටෙන බවට අපේක්ෂා කළ WT1190F අභ්‍යවකාශ අපද්‍රව්‍ය කොටස නිරීක්ෂණය සඳහා ජාත්‍යන්තර කණ්ඩායම් රැසක් ශ්‍රී ලංකාව ඉහළ අහසේ රැදී සිටියා.
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය සහ නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය ද තංගල්ල මුහුදු තීරයේදී මෙම ආකාශ වස්තුව නිරීක්ෂණය කිරීම සඳහා කටයුතු සූදානම් කර තිබුණා.
Post a Comment