මීදුම වැඩි නිසා
ශ්‍රී ලංකන් ගුවන් යානයක්
මත්තලට හරවා යවයි
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබැස්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 230 යානය හදිසියේ මත්තලට හරවා යවා තිබෙනවා. කුවේටයේ සිට පැමිණි එය කටුනායක ගොඩබැස්වීමට නොහැකිව ඇත්තේ අධික මීදුම් තත්වයක් හේතුවෙන්.
උදෑසන 6.15ට කටුනායකට ගොඩබැස්සවීමට නියමිතව තිබූ A 330 වර්ගයේ මෙම යානය පෙරවරු 7.00 ට මත්තලට ගොඩ බස්සවා තිබේ. යානයේ සිටින මගීන් ගණන 253ක්. කාර්ය මණ්ඩලය 14ක්. යානය පෙරවරු 9.00ට කටුනායකට ගොඩබැස්සවීම සඳහා යළි මත්තලින් පිටත්ව ඇත.

Post a Comment