පරදින්න ඔන්න මෙන්න තිබ්බ මැච් එක
මෙන්ඩිස් අන්තිමට 6ක් ගහලා
දිනවපු හැටි
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු එක්දින තරගයේ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (01) සමත් වුණා. ඒ ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව එක් කඩුල්ලක් සහ පන්දු 7ක් අතැතිවයි.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මුලින්ම පන්දුවට පහරදීම සදහා කොදෙව් කණ්ඩායමට ආරාධනය කර සිටියා.
ඒ අනුව පිටියට පැමිණි කොදෙව්වන්ට වර්ෂාවෙන් එල්ල වූ බාධා හේතුවෙන් පන්දුවාර 26ක මුහුණදෙමින් කඩුළු 8ක් දැවී ලකුණු 159ක් රැස්කර ගත්තා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුරංග ලක්මාල් කඩුළු 3ක් දවා ගත් අතර, අජන්ත මෙන්ඩිස් කඩුළු 2ක් දවාගත්තා.
පන්දුවාර 26කට සීමා වූ මෙම තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 24යි පන්දු 5කදී කඩුළු 9ක් දැවී ලකුණු 164ක් ලබාගනිමින් තරගය ජයග්‍රහණය කළා. එහිදී සාර්ථක පිතිහරඹයක නිරත වූ ටී.එම්. දිල්ශාන් පන්දු 32කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සමගින් ලකුණු 59ක් ලබාගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී සුනිල් නරේන් කඩුළු 3ක් දවාගත්තා. මේ අනුව තරගයේ වීරයා සම්මානයෙන් දිල්ශාන් පිදුම් ලැබූවා.

Post a Comment