Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

A Security Vehicle Of Former President Collides With A Motorbike In Elpitiya; One In Critical Condition  

මහින්දගේ ආරක්ෂක රියක්,
ඇල්පිටියේදී යතුරුපැදියක 
ගැටෙයි - වීඩියෝ

ඇල්පිටිය - තල්ගස්පේ විද්‍යාලය අසලදී ඊයේ දහවල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශයට අයත් ජිප් රථයක, යතුරුපැදියක් ගැටීමෙන් එහි ගමන් ගත් කාන්තාවක් සහ තරුණයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පිටිගල සිට ඇල්පිටිය දෙසට ගමන් ගත් යතුරුපැදිය ඇල්පිටිය සිට පිටිගල දෙසට ගමන් කළ ජිප් රථයේ ගැටීමෙනුයි අනතුර සිදුවුණේ.

අනතුරින් යතුරුපැදියේ පැදිකරු වන 24 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ තත්ත්වය බරපතල බැවින් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළා. යතුරුපැදියේ පසුපැදිකරු වන 32 හැවිරිදි කාන්තාව ඇල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා. 


සිද්ධිය සම්බන්ධයෙන් ජිප් රථයේ රියදුරු ලෙස කටයුතු කළ යුද හමුදා කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ.

මෙම අනතුර පිළිබදව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය ට්විටර් ගිණුමේ ද සටහනක් තබමින් සදහන් කර ඇත්තේ තම ආරක්ෂක අංශයේ ජිප් රියක යතුරුපැදියක් ගැටී අද දහවල් අනතුරක් සිදුවූ බවයි. 


උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels